01. i ) What is Forex?
සරලවම කියනවනම් Forex කියල කියන්නෙ ගෝලීය මූල්ය වෙළඳපොළක්. සිංහල වචන හැම එකටම දාන්න ගියාමත් කියන සිංහල තේරෙන්නෙත් නැතුව යන නිසා අපි මේක මෙහෙම බලමු. 

Forex කියල කියන්නෙ කියන්නෙ Global Financial Market එකක්. දැන් තේරෙනවනෙ කාටත්. මේ Market එකේ අපි වගේ ඕනෙම කෙනෙක්ට විවිධ රටවල currencies වල trade කරන්න අවස්ථාව සලසල දෙනව.
හිතන්නකො ඔයාට හිතෙනව USD එකට වඩා EUR එක strong වෙනව වගේ කියල. ඔයා මේක නිකමට වගේ trade එකක් විදියට දාල ඔයා හිතපු දේ හරිගියොත් සල්ලි තමයි ඉතින්. (මෙහෙම හරි ලේසියෙන් කිව්වට trade කරන එක මෙච්චර ලේසි නෑ හොඳේ 
)


එහෙම කොහොමද මට ඒක guess කරහම සල්ලි ලැබෙන්නෙ කියල හිතුන නේද?
දැන් පොඩ්ඩක් සරලව බලමු එහෙනම් මොකද්ද ඇත්තටම මේක අස්සෙ වෙන සීන්කෝන් එක කියල.
ඒ කතාව අපි මෙහෙම පටන්ගමු. හිතන්න ඔයා කොහේ හරි රටකට ට්රිප් එකක් යන්න හදන්නෙ. හිතන්නකො සිංගප්පූරුවට ගියා කියල. ඉතින් මෙහෙම ගියාම ඔයා සල්ලි විදියට අරන් යන්නෙ මොනවද? රුපියල්නෙ (LKR) ( රුපියල් කියන එක currency එක Forex Market එකේ Trade වෙන්නෙ නෑ තමයි. මම මේ උදාහරණයක් විදියට ගත්තෙ) ඔන්න දැන් ඔයා රුපියල් අරං ගිහිල්ල Airport එක් වටේ බලල හොයාගන්නව Currency Exchange කරන පොට් එකක්. ඊටපස්සෙ එතනට ගිහිල්ල ඔයා අතේ තියන රුපියල් දීල ඒ ගාණට හරියන්න SGD ඉල්ලගන්නව. ඔයාට කැමති ගාණක් ඉල්ල ගන්න බෑ ඉතින්, එතන් ගහල තියනව Exchange Rate එක කියල එකක්. ඒකට අනුව තමයි ඔයාට ලැබෙන SGD ගාණ තීටණය වෙන්නෙ.
හිතන්නකො ඔය රුපියල් 100000ක් දුන්නම ඔයාට 1000 SGD හම්බ උනා කියල. එතකොට Exchange rate එක කීයක්ද වෙලා තියෙන්නෙ?
Exchange Rate = 100000/1000 = 100
ඒ කියන්නෙ ඔයාට 1 SGD ඕනෙනම් ඔයා රුපියල් වලින් 100ක් දෙන්න ඕනෙ. ඒ කොයන්නෙ LKR to SGD Exchange rate එක 100යි.
එතකොට ඔයාලට පේනව නේද Exchange Rate එක කියන්නෙ රටවල් දෙකක Currency වල සාපේක්ෂ මුදලක් (Relative price) එකක් කිය්ණ් එක? ඒ කියන්නෙ ඒ ඒ රටවල් වල ආර්ථික තත්වය සහ අනෙකුත් සාධක මත මේ Exchange Rate එක අඩු හෝ වැඩි වෙන්න පුළුවන්.
ඔයා මේ විදියට ඔයා ළඟ තිබ්බ Currency එක වෙනත් Currency එකකට හුවමාරු කරගත්ත කියල කියනෙ ඔයා නොදැනුවත්වම ඔයා Forex Market එකත් එක්ක සම්බන්ද උනා කියන එක තමයි. ඒකම Forex Terms වලින් කියනවනම් ඔයා LKR විකුණල SGD මිලට අරගෙන තියනව.
හරි දැන් Forex Market එකටත් දන්නෙ නැතුවම සම්බන්ද වෙලා සල්ලි ටික SGD වලට මාරු කරගෙන ඔයා ආපු වැඩෙත් කරගෙන ඔන්න දැන් ආයෙ ලංකාවට එන්න හදන්නෙ. දැන් ඉතින් ලංකාවට එද්දි SGD අරන් ඇවිල්ල වැඩක් තියනවද? නෑනෙ. ඉතින් කලින් වගේම Currency Exchange එකකින් ඔයා අතේ ඉතුරු වෙලා තියන SGD ටික LKR වලට Exchange කරගන්න ඕනෙ දැන්.
ඔයා අතේ 400 SGD ඉතුරු වෙලා තියනව දැන්. ඒක දුන්නම ඔයාට හම්බෙනව රුපියල් 60000ක්. ඈහ්? මූට ගාණ වරදිලාවත්ද කියල කල්පනා කරල නිකමට Exchange Rate එක බලද්දි මෙන්න බොලේ LKR to SGD Exchange Rate එක 150ක් වෙලා. වැඩේ ලාභයි නේද? 600 SGD ම වියදම් කරලත් ලංකාවෙ සල්ලි වලින් ඔයාට වියදම් වෙලා තියෙන්නෙ 40000යි. 60000ක්ම ආයෙ ලැබුණ.
ඔන්න ඔය විදියට තමයි Forex Market එකෙන් අපිට Profit හම්බවෙන්නෙ. බැරිවෙලාවත් Exchange rate එක 80ට වගේ අඩු වෙලා තිබුණනම් මොකද වෙන්නෙ? එහෙනම් ඉතින් Profit නෑ. Loss තමයි.
මේ ලිපියෙන් අරගෙන ආවෙ FOREX ගැන පොඩි සරල හැඳිවීමක්. What is Forex කියන එකට පොඩ්ඩක් Technical උත්තරයක් ඊගාව ලිපියෙන් අරන් එන්නම්. එතකල් ජය වේවා....!!!
මේව ලියන්නෙ බේබිපිප්ස් කියන වෙබ්සයිට් එකේ තියන Forex පාඩම් මාලා ඇසුරෙන්. එහෙනම් අපි ගියා....
Join our Facebook Page & the Group,
Facebook Page - https://www.facebook.com/dannasinhalenforex
Facebook Group - https://www.facebook.com/groups/1154387445241124/
No comments:
Post a Comment