Sunday, February 19, 2023

05. How to Trade Forex


Forex Market එක කියන්නෙ මොකද්ද? Forex Market එක කොයිතරම් විශාලයිද? Currencies වර්ග මොනවද? වගේ දේවල් ටිකක් ඉයාල කලින් පාඩම් ඉගෙනගත්තනෙ. අද අපි බලමු කොහොමද ඔයා Forex Trade කරන්නෙ කියල. වෙන විදියකට කියනවනන් අපි බලමු කොහොමද Forex Market එකට Trader කෙනෙක් විදියට සම්බන්ද වෙන්නෙ කියල. 


How to Trade Forex

Forex Market එකේ අපිට Trade කරන්න ක්‍රම කිහිපයක්ම තියනව. මේ අතරින් වඩාත්ම ජනප්‍රිය Financial Instruments කීපයක් පහලින් ඔයාලට බලාගන්න පුළුවන්. 

Retail Forex, Spot Forex, Currency Futures, Currency Options, Currency Exchange-traded Funds (or ETFs), Forex CDFs, Forex Spread betting 



විශේෂයෙන්ම කියන්ට ඕනෙ, 🤭😂

අපි මෙතනදි කතා කරන්නෙ retail tradersබ්ලට එහෙමත් නැත්නම් අපි වගේ Traders ලට Forex Market එකේ Trade කරන්න පුළුවන් ක්‍රම ගැන විතරයි. 

FX Swaps සහ Fowards වගේ Institutional Traders ල එහෙමත් නැත්නම් බැංකු, විශාල Funds වගේ අය Trade කරන Financial Instruments ගැන අපි මෙතනදි කතා කරන්නෙ නෑ. 


එහෙනම් අපි බලමු මුලින් කිව්ව එකින් එක ගන විස්තර ඇතුව බලමු කොහොමද ඔයාල මේ Forex World එකට අත්පොත් තියන්නෙ කියල. 😉


Currency Futures 

නමෙන්ම තේරෙනව ඇතිනෙ ඔයාලට මේකෙ මේ අනාගතය එහෙම නැත්නම් Future එක සම්බන්ද මොකක් හරි එකක් තමයි ඇත්තෙ කියල? 

ඔයා හරියටම හරි 🤝🤝

Futures කියල කියන්නෙ අනාගතයේ දවසකදි යම් නිශ්චිත මිලකට මොකක් හරි වත්කමක් මිලට ගන්න හෝ විකුණන්න ඇතිකර ගන්න ගිවිසුමක්. 


එතකොට Currency Futures කියන්නෙ? 

යම්කිසි මුදල් ඒකකයක් (Currency එකක්) විකිණීමට හෝ මිලදී ගැනීමට හැකි මිල පිළිබඳ විස්තර සහ එම Exchange එක සිදු කිරීමට නිශ්චිත දිනයක් සඳහන් කර ඇති ගිවිසුමක් තමයි Currency Future එකක් කියල කියන්නෙ. 

වර්ෂ 1972දි Chicago Mercantile Exchange (CME) එක තමයි මේ Currency Futures කියන Financial Instrument එක හඳුන්වා දුන්නෙ. 

Futures Contracts Market එක ඉතාමත් විනිවිද බාවයක් සහිත (Transparent) සහ හොඳින් නියාමනය (Well Regulated) කරන ලද Market එකක් විදියට තමයි හඳුන්වන්නෙ. 

Futures Contracts ප්‍රමිතිගත කර තිබීම (Standardized) සහ මධ්‍යගත හුවමාරුවක් (Centralized Exchange) මගින් Trade කල හැකිවීම තමයි මේකට හේතු වෙන්නෙ. 

ඒ කියන්නෙ Price Transaction Information එහෙමත් නැත්නම් මුදල් හුවමාරු පිළිබඳ දත්ත ඕනෑම කෙනෙක්ට බලන්න පුළුවන්. 

Futures Contracts ගැන තව දුරටත් හොයල බලන්න ආස කෙනෙක් ඉන්නවනම් ඔයාට පුළුවන් මේ පහල තියන Link එකෙන් ඒ ගැන විස්තර දැනගන්න. 


https://www.cmegroup.com/markets/fx.html?redirect=/trading/fx/


Currency Options 

Option කියල හඳුන්වන Financial Instrument එකේදි වෙන්නෙ මෙන්න මෙහෙම දෙයක්,

මේකත් අපි කලින් කතා කරපු Futures වගේම Contract එකක්. Options වලදි Option එක මිලදී ගන්න Buyer කෙනෙක්ට පුළුවන් Option එක කල් ඉකුත්වන දිනයේදි යම්කිසි වත්කමක් නිශ්චිත මිලකට විකුණන්න හෝ මිළදී ගන්න. Option එක කල් ඉකුත්වන දිනයේදී වත්කමක් එහෙමත් නැත්නම් Asset එකක් buy හෝ sell කරන එක Buyer අනිවාර්‍යයෙන්ම කලයුතු දෙයක් එහෙමත් නැත්නම් වගකීමක් නෙමෙයි. 

හිතන්නකො Trader කෙනෙක් Option එකක් Sell කලා කියල. මේ වෙලාවදි Trader ට සිද්ද වෙනව Option එක කල් ඉකුත්වෙන දිනයෙදි යම්කිසි නිශ්චිත මිලකට වත්කමක් විකුණන්න හෝ මිලදී ගන්න. මේ අවස්ථාවෙදි ඒක trader ගෙ වගකීමක්. 

Future වලදි වගේම Chicago Mercantile Exchange (CME), The International Securities Exchange (ISE), Philadelphia Stock Exchange (PHLX) වගේ Exchange වල තමයි Options trade කරන්නෙ. 

කොහොම නමුත් Forex Options trade කරන එකේ අවාසි සහගත තත්වයකුත් තියනව. 

මොකද සමහට Options වල Market hours, Limit කරල තියෙන්නෙ. ඒ වගේම තමයි Spot, Future Markets වල වගේ හොඳ liquidity එකකුත් options Market එකේ නෑ..


Currency ETFs

Currency ETF එකකදි ඔයාලව තනි Currency එකකට හෝ Currency Pot එකකට expose කරනව. 

අපි වගේ Individual Traders ල individually trade කරද්දි තියන අවධානම සහ cost එක අවම කරගැනීමේ අරමුණින් තමයි Currency ETFs trade කරන්නෙ. ඒ වගේම මෙහිදී Managed Funds මගින් අපිට Forex Market එකට අවකාශය ලබා දෙනව. 

Speculate කරන්න, ඔයාගෙ Portfolio එක විවිධාංගීකරණය 🤭 (Diversify) කරගන්න හෝ Currency Risks වලට against, Hedge කරන්න අපිට Currency ETFs යොදාගන්න පුළුවන්. 

පහල link එකට ගියොත් ඔයාලට බලාගන්න පුළුවන් වැඩිපුරම Trade වෙන currency etfs list එක,


https://etfdb.com/etfdb-category/currency/


තමන්ගෙ Fund එකක් තුල Currencies Buy කර hold කර තබාගන්නා Financial institutions විසින් තමයි මේ Currency ETFs නිර්මාණය කිරීම සහ Manage කිරීම සිදු කරන්නෙ. Financial Institutions මේ විදියට හදන අරමුදල් (Funds) වල කොටස් Exchange එකක් හරහා සාමාන්‍ය ජනතාවට trade කරන්න අවස්ථාව සලසල දෙනව. සරලවම කියනවනම් ඔයාල දන්න stock market එකේදි වෙන වැඩේ වගේම තමයි. 

ETF market එකත් Currency options වගේම 24 hours Open Market එකක් නෙමෙයි. ඒ වගේම මේකෙදි Transaction costs සහ trading commissions අයකර ගන්නව. 


Spot FX 

Spot FX Market එක අපි Off-Exchange එහෙම නැත්නම් Over-the-counter (OTC) Market එකක් විදියට තමයි හඳුන්වන්නෙ. 

OTC Market එකකදි Customers ල Directly Trade කරන්නෙ තමන්ගෙ ප්‍රතිවිරුද්ධ පාර්ශවය සමඟමයි. 

ඒ වගේම තමයි Off-exchange Markets වලට නමේම තියනව වගේ Central Exchange එකක් නෑ. අපි කලින් කතා කරපු හැම Market එකටම Central Exchange එකක් තිබුණ නේද? ඒ විතරක් නෙමෙයි මේ Market එක 24 hours Open වගේම liquidity එකත් වැඩි විශාල Growing Market එකක්. 

Spot FX වලදි Contract එක සිදුවෙන්නෙ over-the-counter. ඒ කියන්නෙ අනිත් Markets වල වගේ නෙමෙයි මේකෙදි ගැණුම්කරු සහ විකුණුම්කරු අතර පමණක් පවතින Private agreement එකක් තියෙන්නෙ. 

Electronic trading networks හරහා තමයි Spot Market එකේ සිද්දවෙන Tradings වලින් වැඩි ප්‍රමාණයක් වෙන්නෙ. 

Forex dealers ල අතර trades වෙන Market එකට අපි කියනව interdealer market එක කියල. මේ Market එක තමයි Forex වල Primary market එක විදියට හඳුන්වන්නෙ. 


කවුද එතකොට dealer කෙනෙක් කියන්නෙ? 

Dealer කෙනෙක් කියන්නෙ ඕනෙම වෙලාවක තමන්ගෙ clients ලට currency buy හෝ sell කරන්න සූදානම් වෙලා ඉන්න අතරමැදියෙක්. 

Fx dealers ල අතරින් විශාල ප්‍රමාණයක් banks වීම හේතුවෙන් interdealer market එක interbank market කියලත් හඳුන්වනව. 

මේ interdealer market එකේ ගණුදෙනු කරන්න පුළුවන් වෙන්නෙ ඉතා විශාල මුදල් ප්‍රමාණයකට හිමිකම් කියන විශල ප්‍රමාණයේ trades සිතුකරන දැවැන්ත financial institutions වලට විතරයි. 

Banks, Insurance companies, Pension funds, Large corporations සහ Currency rates වල උච්චාවචනයන් (fluctuations) හා සම්බන්ධ risks පාලනය කරන අනෙකුත් දැවැන්ත financial Institutions තමයි මේ ඛාණ්ඩයට අයිති වෙන්නෙ. 

Spot FX Market එකේදි Institutional trader කෙනෙක් කරන්නෙ Currency එකක Delivery එකක් Make or take (කරන්න හෝ ලබාගන්න) කිරීම සඳහා Contract එකක් හෝ Agreement එකක් buy හෝ sell කරන එක. 


එතකොට Spot FX Transaction  එකක් කියන්නෙ මොකද්ද? 

එක් මුදල් ඒකකයක් තවත් මුදල් ඒකකයකට physically Exchange කිරීමට පාර්ශවයන් දෙකක් අතරෙ සිදුවෙන agreement එකක්. 

මේ Agreement එක තමයි Contract එකක් කියල කියන්නෙ. ඒ කියන්නෙ Spot Contract එකක් කියල කියන්නෙ යම්කිසි මුදලකට Foreign Currency ප්‍රමාණයක් මිලදී ගැනීමට හෝ විකිණීමට ඇතිකරගත්තු බැඳීමක්. මෙතනදි මේ යම්කිසි මුදලකට කියල අදහස් කරපු මුදලට තමයි අපි spot exchange rate එක එහෙම නැත්නම් Current Exchange rate එක කියල කියන්නෙ. 


දැන් හිතන්න ඔයා spot market එකේ EUR/USD buy කරනව කියල. මොකද්ද මේකෙ තේරුම? 

මේකෙන් කියන්නෙ කලින් එකඟ උන මිලකට ඔයාගෙ U.S Dollars වලට Exchange කරල ඔයාට යම්කිසි නිශ්චිත Euro ප්‍රමාණයක් ලැබෙන බවට සඳහන් වෙලා තියන Contract එකක් ඔයා trade කරා කියන එක. මෙතන මේ එකඟ උන මිලකට කියල කියල තියන එකට තමයි අපි Exchange rate එක කියල කියන්නෙ. 


විශේෂයෙන්ම කියන්ට ඕනෙ දෙයක් තමයි,😉🤭 

මේකෙදි ඔයා ඇත්තටම trade කරන්නෙ currencies නෙමෙයි. 😱 Currencies සම්බන්දවෙලා හදල තියන Contracts. 😳

Spot කියල කිව්වම අපිට හිතෙන්නෙ මේකෙ transactions, On the spot settle වෙනව ඇති කියලනෙ. 

හැබැයි ඇත්තටම ඒකෙ එහෙම නෑ. වර්තමාන Market rates වලින් spot Forex trade එකක් සිදු කරොත් transaction එක settle වෙන්න trade එක සිදු උන දවසෙ ඉඳල දින දෙකක් ගත වෙනව. 

මේක අපි T+2 (Today plus two business days) කියල හඳුන්වනව. 

ඒ කියන්නෙ ඔයා buy හෝ sell කරපු දේ ඔයාට working days දෙකක් ඇතුළත ලැබෙන්න ඕනෙ. මේ දවස අපි Value date එහෙම නැත්නම් Delivery date එක කියල හඳුන්වනව. 


උදාහරණයක් බලමුද?

හිතන්න Institution එකක් Spot FX market එකෙන් EUR/USD buy කරනව. 

Institution එක මේ trade එක කරේ සඳුදනම් (Trade open එක සහ close එක) බදාහ තමයි Value date එක. ඒ කියන්නෙ institution එකට Euros හම්බවෙන්නෙ බදාද. 

USD/CAD, USD/TRY, USD/RUB සහ USD/PHP වගේ currencies වල value date එක වෙන්නෙ එක දවසයි. මේව අපි T+1 කියල හඳුන්වනව. 

මේ මොනව කොහොම උනත් actual spot forex market අපි වගේ retail forex traders ලට trade කරන්න බෑ. 🙁


එහෙනම් කොහොමද අපි Forex Trade කරන්නෙ? 

ඉන්න ඉන්න ඊගාව topic එක ඒක තමයි. 🙃


Retail Forex

අපි වගේ පුංචි මිනිස්සුන්ටත් trade කරන්න පුළුවන් ලස්සන ලෝකයක් මේ කොහේ ඇරි ඇති නේද සගෝ? 😬

ඔව් ඔව් තියනව තියනව. Retail Traders ලටත් Forex Market එකට සහභාගී වීමේ අවස්ථාව ලබාදෙන Secondary OTC market එකක් තියනව. 

මේකට Access ලබාදෙන්නෙ Forex Trading Providers ල. නැත්නම් අපි දන්න භාෂාවෙන් Forex Brockers ල. 

මේ ගොල්ලො අපි වෙනුවෙන් Primary OTC market එකේ Trade කරන එක තමයි කරන්නෙ. මේකෙදි මේගොල්ලො Primary Market එකේ තියන හොඳම Prices තෝරල අරගෙන ඒවට Markup එකක් ඒ කියන්නෙ ඒ ගොල්ලොන්ගෙ ලාභයත් එකතු කරල තමයි එයාලගෙ Trading Platforms හරහා අපිට පෙන්නන්නෙ. 😱

මේකත් හරියට ඔයාලගෙ ගමේ තියන සිල්ලර බඩු කඩේ වගේ තමයි. තොග වෙළෙන්දන්ගෙන් බඩු අරගෙ මුදලාලිගෙ ලාබෙත් තියාගෙන අපිට විකුණනව. 

සාමන්‍යයෙන් spot forex contract එකක් trade වෙලා දවස් දෙකක් ඇතුලත currency delivery එක වෙන්න ඕනෙ කියල නේද අපි කලින් ඉගෙනගත්තෙ? හැබැයි Forex Trading වලදි කොසිම කෙනෙක් කිසිම currency එකක් Deliver කරන්නෙ නෑ..... 🤦‍♂️🤷‍♂️

ඒ ගොල්ලො position එක "rolled" forward කරනව.  

විශේෂයෙන්ම retail spot forex වලදි අපි කරන්නෙ currency වල trade කරන එක නෙමෙයිනෙ, ඒ වෙනුවට අපි කරන්නෙ leverage කරපු Contract එකක් trade කරන එක. 

ඉතින් අපිට (Retail Traders ලට) මේ leveraged spot forex contract එකකින් currency delivery එකක් කරන්න බෑ. 

Retail Forex Brokers ල ඔයාට leverage එක භාවිතා කරල trade කරන්න අවස්ථාවක් දෙනව. මේ නිසා තමයි ඔයාට අවශ්‍යකරන margin level එක වගේ 50 ගුණයක් තරම් විශාල positions Open කරන්න අවස්ථාව ලැබිල තියෙන්නෙ. ඒ කියන්නෙ leverage එකෙන් කරන්නෙ පොඩි මුදලකින් විශාල currency ප්‍රමාණයක් control කරන්න අවස්ථාව ඔයාට ලබාදෙන එක. 


මේ නිසා ඔයාට $100,000 තරම් වටින trade එකක් උනත් $2000 ක් වගේ මුදලක් පාවිච්චි කරල Open කරන්න පුළුවන්. 

(Margin එක කියන්නෙ මොකද්ද කියල හිතෙනව ඇති නේද දැන්? ඒක ගැන කතා කරන්න වෙලාව නෙමෙයි මේක. ඒ ගැන වෙනම topic එකක් ඉස්සරහට එනව.👀)

හිතන්න ඔයාගෙ EUR/USD trade එක short වෙලා දැන් ඔයාට $100,000 ක් වටින Euros deliver කරන්න වෙනව. 

කොහොමද ඔයා මේක කරන්නෙ? මොකද ඔයා ළඟ තියෙන්නෙ $2000යි. 

මේ නිසා ඔයාට සිද්ධ වෙනව trade එක settle වෙන්න කලින් ඒක close කරල දාන්න. එහෙම නැත්නම් roll කරන්න. 

ඉතින් මේ physical delivery කරදරේ වලක්වගන්න retail Forex Brokers ල clients ලගෙ positions automatically ම “roll” කරනව. 


මේ නිසා තමයි ඔයාට කලින් කතා කරපු උදාහරණෙදි $100,000 ක් වටින Euros ගෙවන්න වෙන්නෙ නැත්තෙ. 

ඇත්තටම Retail Forex Broker විසින් Retail Forex Trading වලදි සිදුවෙන Transactions එම transactions amount එකට සමාන සහ ප්‍රතිවිරුද්ධ transaction එකක් මගින් close out කරනව. 

උදාහරණයක් විදියට හිතන්නකො ඔයා ළඟ තියන USD වලින් ඔයා GBP මිලට ගන්නව කියල මෙතනදි Broker විසින් USD අරගන්න GBP sell කරල ඔයාගෙ trade එක close out කරනව. 


මේකට Transaction එකක් Offsetting කරනව එහෙම නැත්නම් liquidating කරනව කියලත් කියනව. 

දවස අවසාන වෙද්දි ඔයාගෙ position එකක් open තත්වයේ තියනවනම් ඒක automatically ම ඊළඟ Value day එකට rolled over වෙනව. currency delivery එකක් සිදුවෙන එක නවත්තන්න තමයි එහෙම කරන්නෙ. 

ඔයා Spot contract position එකක් open කරාම ඔයා කවද හරි දවසක ඒක close කරනකල්ම ඔයාගෙ retail forex trader විසින් ඒ position එක roll කිරීම කරනව. 

Currency pair එකක් මේ විදියට rolling over කිරීම Tomorrow-Next එහෙම නැත්නම් Tom-Next කියල හඳුන්වනව. Tomorrow and the next date කියන එක තමයි මේකෙ තේරුම. 

Position එකක් මේ විදියට roll over කරද්දි ඒකට අදාලව Interest එකක් trader විසින් ගෙවන්න සිදුවෙන්න හෝ trader ට ලැබෙන්න පුළුවන්. 


මේ charge එක Swap Fee එහෙම නැත්නම් rollover fee එක කියල හඳුන්වනව. ඔයාගෙ broker මේ අගය calculate කරාට පස්සෙ අදාල විදියට ඔයාගෙ account balance එකට මේ ගාන එකතු කිරීම හෝ account balance එකෙන් අඩු කිරීම සිදු කරනව. 

Retail Forex trading කියන එක speculative එහෙම නැත්නම් අනුමානය මත පදනම් වෙලා තියනව කියල තමයි සලකන්නෙ. ඒ කියන්නෙ exchange rate movement traders ල විසින් අනුමාන කරන එක හෝ ඒ වෙනුවෙන් ඔට්ටු අල්ලනව වගේ වැඩක් තමයි කරන්නෙ. මොකද ඔවුන් මිලදී ගන්න currency එක තමන් ළඟ තියාගන්න හෝ විකුණන Currency එක Deliver කරන්න ඔවුන් බලාපොරොත්තු වෙන්නෙ නෑ. 


Forex Spread Bet

Spread Betting කියන එක Derivative Product එකක් විදියට තමයි හඳුන්වන්නෙ. ඒ කියන්නෙ මේකෙදි ඔයා කරන්නෙ මොකක් හරි asset එකක price එක up හෝ down වේවිද කිහන එක speculate කරන එක. නැත්නම් අනුමාන කරන එක. නමුත් මේකෙදි ඔයාට asset එකේ අයිතිය ලැබෙන්නෙ නෑ.

ඒ කියන්නෙ forex spread bet එකකදි ඔයාට currency pair එකක future price direction එක speculate කරන්න තමයි තියෙන්නෙ. 

Spot FX market එකේ currency pairs වල prices තමයි මේ Spread betting වල currency pairs වල price විදියට යොදාගන්නෙ. 

මේකෙදි ඔයා position එකක් open කලාම ඒක close කරන මොහොත වෙනකල් ඔයා අනුමාන කරපු පැත්තට price එක කොච්චර දුරක් move ජ්නාද කියන එක සහ ඔයා point එකකට bet කරපු ගාණ මත තමයි ඔයාගෙ profit එක තීරණය වෙන්නෙ. 

මේ spread betting පහසුකම සලසාදෙන අයට Spread betting brokers ල කියල අපි කියනව. 

U.K වල FSA මගින් නියාමනය කරනු ලැබුවත් U.S වල spread betting සලකන්නෙ සූදුවක් විදියට. ඒ නිසා U.S වලදි ඔයාට Spread Betting කිරීමේ හැකියාවක් ලැබෙන්නෙ නෑ. 


Forex CFD

A Contract For Difference එහෙම නැත්නම් (CFD) කියල කියන්නෙ financial derivative එකක් එහෙම නැත්නම් මූල්‍ය ව්‍යුත්පන්නයක්. Derivative product එකක් මගින් ඒකට අදාල asset එකේ market price එක track කරනව. මේ නිසා traders ලට price එක up වෙයිද එහෙම නැත්නම් fall වෙයිද කියල speculate කරන්න පුළුවන්.

CFD එකක price එක derive කරගන්න ඒකට අදාල asset එකේ price එකෙන්. 

CDF Provider සහ trader අතර තියන contract එක තමයි CFD එකක් කියල හඳුන්වන්නෙ. මේකෙදි security එකක වටිනාකමේ වෙනස එක් පාර්ශවයක් විසින් අනෙක් පාර්ශවයට ගෙවීමට එකඟ වීමක් තමයි වෙන්නෙ. මෙතනදි වටිනාකමේ වෙනස එහෙම නැත්නම් difference එක කියල කියන්නෙ trade එකක opening එකේදි සහ closing එකේදි තියන price අතර වෙනසට. 

මේකම තව ටිකක් සරල කරල මෙහෙම කියන්නත් පුළුවන්, 

ඔයා CFD provider එක්ක bet එකක් දානව මොකක් හරි asset එකක වටිනාකම up හෝ down වෙයි කියල. ඒ වගේම මේකෙදි ඔයා agree වෙනව bet එක දිනන්නෙ කවුරු උනත් දිනන කෙනාට අනිත් කෙනා ඔයා asset එකේ trade එක දාන වෙලාවෙ තිබ්බ price එක සහ trade එක close කරන වෙලාවෙ තියන price එක අතර වෙනස ගෙවනව කියල. 

එ කියන්නෙ සරලවම Forex CFD එකක් කියන්නෙ currency pair එකක ඔයා position එකක් open කරන වෙලාවෙ සහ close කරන වෙලාවෙ price එක අතර වෙනස exchange කරගන්න ඇති කරගන්න agreement එකක්. 

Currency pair එකක CFD price එක Derive කරගන්නෙ අදාල currency pair එකට අදා spot forex price එකෙන්. ( අඩුම තරමින් ඒක එහෙම වෙන්න ඕනෙ. එහෙම නැත්නම් මොකක් මතද CFD provider price එක තීරණය කරන්නෙ? 🤔) 

Forex CFD මගින් ඔයාට Currency pair එකක directions දෙකටම trade කිරීමේ අවස්ථාව ලබාදෙනව. ඒ කියන්නෙ ඔයාට long වගේම short positions ගන්නත් පුළුවන්. 

මෙතනදි ඔයා හිතපු පැත්තට Market එක move වෙනවනම් ඔයාට profit එකම් ගන්න පුළුවන් වගේම market එක ඔයාට against යනවනම් ඔයා loss වෙනව.

සාමාන්‍ය එහෙම නැත්නම් Traditional spot fx contracts වලට වඩා rolling fx contract වෙනස් කියල Eu (යුරෝපා සංගමය) සහ UK(එක්සත් රාජධානිය) වල regulations තීරණය කරල තියනව. 

මොකද rolling fx contracts වලදි physical currency එකක් අයිති කර ගැනීමේ intention එකක් නෑ වගේම මේකෙදි කරන්නෙ සරලවම contract එකට අදාල currency එකේ price එක speculate කරන එක. 

ඒ වගේම තමයි rolling spot fx contract trade කිර්‍රිමේ සැබෑ අරමුණ තමයි currency එකක් හිමි කරගැනීමෙන් තොරව currency pair එකක price fluctuation වෙත නිරාවරණය නැත්නම් exposure එකක් ලබා ගැනීම.

ඉතින් මේ හේතූන් නිසා මේ දෙක අතර වෙනස පැහැදිලිව පෙනෙන්න rolling spot fx contract එක CFD එකක් විදියට නියාමනය කෙරුන. (U.S වල CFDs illegal නිසා retail forex transactions කියල තමයි මේක හඳුන්වන්නෙ) 


Forex CFD trading provide කරන අයව CFD providers ල කියල තමයි හඳුන්වන්නෙ. 

U.S වලින් පිටතදි බොහෝවිට retail forex trading සිදුකරන්නෙ CFDs හෝ  Spread betting භාවිතයෙන්. 


ටික දවසකට පස්සෙ ඔන්න ආයෙත් පට්ට දිග lesson එකක් අරගෙන ආව. 

ඔන්න ඔය විදියට අද කතාව ඉවරයි. පුළුවන් හැමෝම comment එකක් දාල ඔයාලගෙ අදහස් කියන්න මේ වැඩේ ගැන. ඒ වගේම content එක හොඳයි නම් share කරන්නත් අමතක කරන්න එපා. 

මොකද visitors ල වැඩිවෙද්දි වැඩේ ඇදගෙන යන්න එන ගැම්මත් වැඩිවෙනව. 

එහෙනම් ඉතින් ඊගාව ලිපියෙන් තවත් කොටසක් අරගෙන එන්නම්. එතකල් ජය වේවා....!!!  

No comments:

Post a Comment

05. How to Trade Forex Forex Market එක කියන්නෙ මොකද්ද? Forex Market එක කොයිතරම් විශාලයිද? Currencies වර්ග මොනවද? වගේ දේවල් ටිකක් ඉයාල කලින් ...