01. ii) What is Forex?
අපි සරලව Forex එහෙම නැත්නම් FX Market එක කියල කතා කරද්දි පාවිච්චි කරාට මේකෙ හරිම නම තමයි Foreign Exchange Market කියන එක.
Forex Market එක කියල කියන්නෙ ලෝකයේ තියන එක එක ජාතියෙ currencies හුවමාරුවෙන ගෝලීය සහ විමධ්‍යගත (Global & Desensitized) වෙළඳපොළක්. Currencies වල Exchange Rates ඉතා වේගයෙන් ක්ෂණිකව වෙනස් වෙන නිසා Forex Market එක නිරන්තරයෙන්ම ගලාගෙන යන එහෙම නැත්නම් හැමවෙලේම active තත්වයේ තියන Market එකක්.
ලෝකයේ සිදුවෙන Currency Transactions ගත්තහම ඒකෙන් ඉතාම කුඩා Transaction ප්‍රමානයක් තමයි Real Economy එක ඇතුළෙ වෙන්නෙ. උදාහරණයක් විදියට ගන්න පුළුවන් අපි කලින් ලිපියෙන් අරගෙන ආපු Airport එකක් ඇතුලෙ සිදු උන මුදල් හුවමාරුව. ඒ වගේම ජාත්‍යන්තර වෙළඳාම හේතුවෙන් වෙන Transaction ප්‍රමානයත් අයිති වෙන්නෙ මම උඩ කියපු ඉතා කුඩා Real Economic currency transactions ඛාණ්ඩයටම තමයි.
එතකොට ඉතුරු Currency Transactions ටික වෙන්නෙ කොහොමද? 🤔
Global Foreign Exchange Market එකේ මේ ඉතුරු Currency Transactions ඔක්කොම වගේ සිද්ධ වෙන්නෙ speculative reasons මත සිද්ධ වෙන buy හෝ sell මගින්. Speculative reasons කියන එක තවත් පොඩ්ඩක් පැහැදිලි කරනවනම් අනුමානයන් මට සිදුවන buy හෝ sell මගින් කියලත් කියන්න පුළුවන්.
Currency Traders ල එහෙමත් නැත්නම් මේ ගොල්ලන්ට currency speculators ල කියලත් කියනව. මේ ගොල්ලො currencies මිලදී ගන්නෙ අනාගතයේදී ඔවුන් මිලට ගත්තු currencies වල මිල වැඩි වෙලා ඒ මගින් යම් ලාභයක් උපයාගන්න පුළුවන් කියන හැඟීමෙන්.
New York Stock Exchange එක ගැන කවුරුත් අහල තියනවනෙ. එහෙම නේද? ඉතින් මේ NYSE (New York Stock Exchange) එක ගත්තම එක දවසක trading volume එක $200 billion වගේ අති විශාල ප්‍රමාණයක්. ඒ වගේම NYSE එක තමයි ලෝකෙ තියන දැවැන්තම stock market එක. හිතන්නකො NYSE එක රාස්සයෙක් කියල 😉😉
බලමුද අපි NYSE රාක්ෂය මොන වගේද කියල? මේ පහලින් ඉන්නෙ එයා තමයි.

කොහොමද size එක? දැවැන්තයෙක් නේද? 😀😀
ඔයා bloomberg , BBC , CNBC වගේ News බලන කෙනෙක්නම් ඔයාට ඕනෙ තරම් ඇහිල ඇති "අද NYSE එක Up වෙලා තියෙන්නෙ, කාලෙකට පස්සෙ වාර්ථාුන හොඳම දර්ශකය වාර්ථා වෙලා තියෙන්නෙ" වගේ දේවල්.
සමහර විට ඔයාල අහල ඇති ලංකාව ඇතුළෙ පවා ගොඩක් අය Investments ගැන Financial Markets ගැන කතා කරද්දි වැඩිපුරම වගේ (99.99%ක්ම) වගේ කතා කරන්නෙ Colombo stock market එක ගැන. ඒ වගේ තමා ජාත්‍යන්තරෙයෙ මිනිස්සු වැඩිපුරම කතා වෙන්නෙ ලෝකෙ තියන ලොකුම Stock Market එක උන NYSE එක ගැන.
දැන් ඉතින් නිකමට වගේ මේ රාක්ෂයව Foreign Exchange Market එක කියන රාක්ෂයත් එක්ක සසඳල බලමුද? ඔන්න යටින් ඉන්නව දෙන්නම එකට.

දෙන්නගෙ size දෙක දැකපු ගමන්ම ඔයාලට තේරෙනව ඇතිනෙ වෙනස. NYSE රාස්සය නිකන් පූසෙක් ගාණට වැටුන නේද Forex රාස්සය එක්ක ඉද්දි. දැනගන්නත් එක්ක Forex Market එකේ Day Trading Volume එක කියන්නද?
$ 6.6 Trillion
ට්‍රිලියන 6.6 ක්? වැරදුණාවත්ද? 😱😱 ඔව් ඔව් බිලියන නෙමෙයි ට්‍රිලියන තමයි. වැරදුනේ නෑ.
දැන් පොඩ්ඩක් බලමුද අපි දන්න කියල ප්‍රසිද්ධ Stock Exchanges ටිකක Daily Trading Volume එක Forex Exchange Market එකේ Daily Trading Volume එකත් එක්ක Compare කරල.

Graph එක බලපු ගමන්ම පේනව නේද Stock Market වල Trading Volume එක වගේ 200 ගුණයක් විතර Forex Exchange Market එකේ Trading Volume එක වැඩියි කියල. මේ $6.6 Trillion තරම් ලොකු Trading Volume එක අයිති වෙන්නෙ සම්පූර්ණ Global Foreign Exchange Market එකටමයි. මේ සම්පූර්ණ Market එකෙන් පොඩි කොටසක් තමයි අපි Spot Market එක කියල හඳුන්වන්නෙ. බොහොමයක් Forex Traders ල ගණුදෙනු කරන්න Daily Trading Volume එක $2 Trillion වගේ වෙන මේ Spot Market එකත් එක්ක.
එතකොට අපි වගේ අය කවුද? අපි එකතුවෙලා කොයිතරම් Trading Volume එකක් හදනවද කියන ප්‍රශ්නෙ ඔයාලට ඇති.
මේ Market එකේ අපි වගේ අයට එහෙමත් නැත්නම් කුඩා ප්‍රමාණයේ මූල්‍ය ශක්තියක් සහිත Traders ලව හඳුන්වන්නෙ Retail Traders ල කියල. එතකොට Retail Traders ලගෙ Trading Volume එක ගොඩක් පොඩි අගයක් තමයි වෙන්නෙ. නිශ්චිතවම මෙන්න මේ වගේ ගාණක් කියල හරිම අගයක් දෙන්න බැරි උනත් සාමාන්‍යයෙන් Daily Retail Trading Volume එක Overall Forex Daily Trading Volume එකෙන් 3% ත් 5ත් අතර අගයක් වගේ කියල තමයි කියන්නෙ. එහෙමත් නැත්නම් දළ වශයෙන් $200 - $300 billion හෝ ඊට අඩුයි.
සංඛ්‍යාලේඛන වලින් මොන විදියෙ දත්ත ඉදිරිපත් කරත් Forex Market එක ඩොලර් ට්‍රිලියන 6.6 ක්ම විශාලයි කියලම විශ්වාස කරන්න අමාරුයි. Trading Volume එක ඒ තරම්ම අති විශාල සංඛ්‍යාවක් කියන එක සිත් ඇදගන්නා කාරණයක් උනත් අතිශෝක්තියක් වෙන්නත් ඉඩ තියනව. ඒක නිසා පොඩ්ඩක් realistic වෙලා අපි අපේ Forex රාක්ෂයව පොඩ්ඩක් මේ විදියට Re-arrange කරමු. 😉😉

Forex Market එක ගැන කතා කරනකොට Trading Volume එක වගේම කතා නොකරම බැරි තවත් දෙයක් තියනව. ඒ තමයි මේ Market එක දවසෙ පැය 24ම Open. ඒ වගේම සතියෙ දවස් 5ම අපිට Forex Market එකේ Trade කරන්න පුළුවන්. Stock Markets වගේ දවස අවසානෙ Market Close කරන්නෙ නෑ වගේම Trades Limit කරන්නෙත් නෑ.
Forex Market එක Desensitized Market එකක් නිසා දවස අවසානයේ වහල දානව වෙනුවට ලෝකයේ එක එක තැන්වල තියන Financial Centers වලින් Trading කරන එක පැය 24 පුරාම Continue කරනව.
Forex Market එකේ දවස පටන්ගන්නෙ Auckland/Wellington වලින්. ඊටපස්සෙ පිළිවෙලට Sydney , Singapore ,Hong Kong, Tokyo , Frankfurt , London වෙනකන් යනව. London වලින් දවස අවසාන වෙන්න කලින් ආයෙත් New Zeeland වලින් Trading Session එක පටන් ගන්නව. මේ විදියට සතියෙ දවස් 5ම එක එක Trading Session වලින් මේ Market එක ඇදගෙන යනව.
ඔන්න ඕකයි අද කතාව. ඊගාව ලිපියෙන් තවත් කොටසක් අරගෙන එන්නම්. එතකල් ජය වේවා....!!!
මේව ලියන්නෙ බේබිපිප්ස් කියන වෙබ්සයිට් එකේ තියන Forex පාඩම් මාලා ඇසුරෙන්. එහෙනම් අපි ගියා....
Join our Facebook Page & the Group,
Facebook Page - https://www.facebook.com/dannasinhalenforex
Facebook Group - https://www.facebook.com/groups/1154387445241124/
No comments:
Post a Comment