04. Forex Market size and Liquidity
Forex Trading වලින් වැඩිම ප්‍රමාණයක් සිදු වෙන්නෙ "Interbank Market" නමින් හඳුන්වන ස්ථානයක.
New York Stock Exchange (NYSE) එක London Stock Exchange (LSE) එක වගේ Stock Exchange එක්ක වගේ Financial Markets එක්ක සන්සන්දනය කරනකොට Forex Market එක ඊට හාත්පසින්ම වෙනස්. මොකද Forex Market එකට Stock Exchanges වලට වගේ Physical Location එකක් හෝ Central Exchange එකක් හෝ නෑ.
Forex Market එක Banks සහ Non-Bank financial institutions (NBFIs) වලින් සමන්විත ජාලයක් තුළ පැය 24 පුරාම Electronically ක්‍රියාත්මක වෙන නිසා අපි Forex Market එක over-the-counter (OTC) Market එකක් විදියට තමයි හඳුනාගන්නෙ.
ඒ කියන්නෙ Forex Market එක මුළු ලෝකය පුරාම පැතිරිලා තියන Central Location එකක් නැති Market එකක්. ඒක නිසා ඉතින් ඔයාට Internet Connection එකක් තියනවනම් ලෝකෙ ඕනෙම තැනක ඉඳන් Forex Trading කරන්න පුළුවන්.

Forex Market එකේ ලෝකය පුරා එක එක ට්ගැන්වල ජීවත් වන තනි පුද්ගලයින් විශාල ප්‍රමාණයක් වගේම නොයෙක් සංවිධාන විශාල ප්‍රමාණයකුත් Trade කරනව.
ඒ වගේම දැනට ලෝකයේ තියන විශාලතම වගේම ජනප්‍රියතම Financial Market එක තමයි Forex OTC Market එක කියල කියන්නෙ.
OTC Market එකක් කියන්නෙ මොකද්ද?
OTC Market එකකදි වෙන්නෙ ඒ සඳහා සහභාගී වෙන කෙනාට Trading Conditions, Price එකේ තියන ආකර්ෂණීය බව සහ Trade එකට සහභාගී වෙන අනෙක් පාර්ශවය මත පදනම් වෙලා තෝරගන්න පුළුවන් එයාට කාත් සමගද Trade කරන්න අවශ්‍ය කියන එක. එහෙම තෝරගෙන Trade කරන කෙනාට තමන්ගෙ Trade එක Place කරන්න පුළුවන්.
පහල තියන chart එක පොඩ්ඩක් බලන්නකො. මේකෙ තියෙන්නෙ වඩාත්ම ක්‍රියාකාරීව එහෙම නැත්නම් Most actively, Trade වෙන Currencies හත,

මොකක් හරි අවුලක් තියනව වගේ නේද? 🤔
ඔව්. පොඩි කේස් එකක් තියනව. සාමාන්‍යයෙන් මේ වගේ Chart එකක percentage වල එකතුව 100%ක් නේද වෙන්න ඕනෙ? ඒත් මේකෙ 200%ක් වෙලානෙ. ඒකටත් හේතුවක් තියනව. Currency එකක් හැම වෙලේම තවත් Currency එකක් එක්ක Pair වෙලා Trade වෙන නිසා තමයි එහෙම වෙන්නෙ.
උඩ තියන chart එක ඇසුරෙන් අපිට සරල නිගමන කීපයකට එන්න පුළුවන්, දැන් බලමු ඒ මොනවද කියල,
- U.S Dollar එක තමයි වැඩිපුරම Trade වෙන Currency එක. Percentage එකක් විදියට ගත්තම සමස්‍ථ Transactions වලින් 84.9% ක්.
- පිළිවෙලින් දෙවන සහ තුන්වන ස්ථාන විදියට Euro එක 39.1% ක percentage එකක් Trade වෙනව වගේම Yen එක 19% ක percentage එකක් Trade වෙනව.
- ඒ වගේම ඔයාට පේනව ඇති මේ list එකේ ඉහළින්ම තියෙන වැඩිපුරම ප්‍රමාණයක් අපි කලින් ලිපියකදි Major Currencies විදියට හඳුනා ගත්තු ඒව.
The Dollar Is The King In The Forex Market ( Dollar එක තමයි Forex Market එකේ King විදියට හඳුන්වන්නෙ)

ඔයාල දකින්න ඇති හැම Major Currency pair එකකම USD ඇතුලත් වෙලා තියනව. ඒ වගේම තමයි Forex Market එකේ සිදුවෙන Trades වලින් 75%ක්ම වෙන්නෙ Majors වල. ඉතින් ඔයාලට තේරෙනව ඇති U.S Dollar එකට අපි කොච්චර අවධානයක් දෙන්න ඕනෙද කියන එක.

ඒ වගේම තමයි International Monetary Fund ( IMF) එකට අනුව ලෝකයේ නිල විදේශ විනිමය සංචිත (Official Foreign Exchange Reserves) වලින් දළ වශයෙන් 62% ක වගේ ප්‍රමාණයක් සමන්විත වෙන්නෙ U.S. Dollars වලින්.
මොනවද මේ Foreign Exchange Reserves කියල කියන්නෙ?
Foreign Exchange Reserves කියල කියන්නෙ කිසියම් Central Bank එකක් තමා සංචිතයේ තබාගෙන ඇති විදේශීය මුදල් වලට. අපේ රටේ මේ දවස්වල නෑ නෑ කියන්නෙ මේව තමයි.
ඉතින් මේ ලෝකෙ තියන හැම Central Exchange එකක්, හැම Investor කෙනෙක්ම, හැම ව්‍යාපාරයක්ම වගේ USD ලඟ තියාගෙන ඉන්න නිසා ඔවුන් U.S. Dollar එක ගැන හොඳ අවධානයෙන් ඉන්නෙ.

කලින් කියපු කාරණා වලට අමතරව U.S Dollar එක Forex Market එක ඇතුලෙ මේ තරම් ලොකු තැනක් අයිති කරගෙන ඉන්නෙ ඇයි කොයන එකට තවත් හේතු ටිකක් තමයි දැන් කියන්න හදන්නෙ.
- ලෝකයේ විශාලතම Economy එකට හිමිකම් කියන්නෙ The United States (එක්සත් ජනපදය) economy එක.
- ලෝකයේ reserve Currency එක විදියට හඳුන්වන්නෙ U.S. Dollar එක.
- ලෝකයේ විශාලතම වගේම liquidity එක වැඩිම Financial Markets තියෙන්න එක්සත් ජනපදයේ.
- එක්සත් ජනපදය සතුව Stable Political Systems එකක් තියනව.
- ලෝකයේ එකම Military superpower එක තියෙන්නෙ එක්සත් ජනපදයට.
- බොහොමයක් රටවල් සහ Foreign Companies ණය ලබාගන්නෙ USD වලින්. මේ හේතුව නිසා ලෝකයේ තිබෙන ණය සහ bonds වලින් භාගයක් විතරම වගේ තියෙන්නෙ U.S. Dollars වලින්.
- ගොඩක් Cross-border transactions වලට මාධ්‍යක් විදියට යොදාගන්නෙ USD එක. උදාහරණයක් ගත්තොත් විදේශීය වෙළඳපොලේ තෙල් මිල සඳහන් වෙන්නෙ USD වලින්. හිතන්නකො අපිට තෙල් ගන්න ඕනෙ කියල සවුදි අරාබියෙන්. අපි රුපියල් දීල හරියනවද? නෑ. අපි කොහෙන් හරි USD ( ඩොලර්) හොයාගන්න ඕනෙ. හොඳ ආර්ථිකයක් තියන රටකටනම් තමන්ගෙ Currency එක විකුණල Dollars ගන්න පුළුවන්. ලංකාවෙ සල්ලි ගන්න උන්ට මොංගල් නෑනෙ. ඉතින් අපිට තියෙන්නෙ විදේශ විනිමයත් නැති හිංද මොකෙක්ගෙන් හරි හිඟා කාල USD ණයක් අරන් තෙල් ටික ගන්න. පොඩ්ඩක් මාතෘකාවෙන් පිට පැන්න වගේ නේහ්? 🤭🤭 හරි කොහොමහරි වෙන රටකට ට්ගෙල් ගන්න ඕනෙනම් මුලින් USD හොයාගෙන ඊටපස්සෙ තමයි USD දීල තෙල් ගන්න පුළුවන් වෙන්නෙ. මේකට තමයි කලින් කිව්වෙ cross-border transactions වලදි මාධ්‍යක් විදියට ක්‍රියා කරනව කියල.

සරලවම කියනවනම් Trades, Payment සහ Loans සඳහා පහසුකම් සැපයීම වෙනුවෙන් අඛණ්ඩ USD Supply එක අත්‍යවශ්‍ය වෙනව. ඉතින් මුළු ලෝකයම USD එක මත Depend වෙනව.
Speculation in the Forex Market
- මොනවද Forex Market එකේ ප්‍රධාන Functions?
- එක් රටක Currency එකකට අයත් අරමුදලක් තවත් රටක Currency එකකට Transfer කිරීම.
- රටවල් අතර සිදුවන ණය ගණුදෙනු සඳහා කෙටි කාලීන ණය පහසුකම් සැලසීම.
- Transaction එකක් සිදු වෙන වෙලාවට හෝ Payment එකක් ලැබෙන වෙලාවට සිදුවිය හැකි Foreign Exchange Rate Fluctuation අවම කරගැනීමට.
- To Speculate ( මේකට හරියටම සිංහල තේරුමක් කියන්න අමාරුයි. ඉස්සරහට යද්දි අපි මේ වචනය ගැන අවබෝධ කරගමු හෙමීට)
Forex Market එකේ සිදුවෙන Financial සහ Commercial Transactions, Trading Volume එකේම කොටසක් වන අතර බොහෝ Currency Trading පදනම් වෙලා තියෙන්නෙ Speculation මත.
තවත් විදියකට කියනවනම් Trading Volume එකෙන් වැඩි කොටසක් ලැබෙන්නෙ Short-term Price movements මත පදනම් වෙලා Currency Pairs buy හෝ sell කරන Traders ලගෙන්. මෙන්න මේ අයව තමයි අර කලින් මම කියපු Speculators කියන නමෙන් හඳුන්වන්නෙ.
ඇස්තමේන්තු ගත කරල තියන විදියට මේ Speculators ල Forex Market එකට අරගෙන එන Trading volume එක 90% වගේ වෙනව.
Forex Market එකේ Scale එක කියල අපි හඳුන්වන්නෙ දෙන ලද ඕනෑම වෙලාවක Market එකේ සිදුවෙන Buying සහ Selling ප්‍රමාණයට. මේ අගය ඉතාමත් විශාල අගයක් වෙනව. මේ නිසා Forex Market එකේ Scale එක ඉතා විශාලයි කියල අපි කියනව.
Forex Market එකේ Scale එක විශාල වීම නිසා Market liquidity එකත් ඉතා විශාල වෙනව. Liquidity එක කියල කියන්නෙ price impact එක අවම වෙන විදියට මොකක් හරි දේකින් විශාල quantity එකක් buy හෝ sell කරන්න පුළුවන් හැකියාවට.
Short Term Traders ලගෙ පැත්තෙන් බලනකොට මේ Liquidity එක ඉතාමත් වැදගත් දෙයක්. මොකද liquidity එක තමයි තීරණය කරන්නෙ නිශ්චිත කාලයකදි price එකක් කොයිතරම් පහසුවෙන් විචලනය වෙන්න පුළුවන්ද කියන එක.
ඒ වගේම තමයි Forex Market එක වගේ liquid Market Environment එකක් තුළදි price එකට හෝ price action එකට ඉතාමත් කුඩා බලපෑමක් සිදුවෙන විදියට huge Trading volumes ඇතිවෙන්නත් පුළුවන්.
Forex Market එක මේ විදියට ඉතා විශාල ලෙස Liquid උනත් Currency Pair එක, වෙලාව කියන සාධක මත Market depth එක වෙනස් වෙන්න පුළුවන්.
ඉස්සරහට අපි කතා කරමු ඔයා trade කරන වෙලාව ඔයා Trade කරන Pair එකට බලපාන්නෙ කොහොමද කියල.
ඒ වගේම අපි වගේ individuals ලට Currencies වල Trade කරන්න පුළුවන් විවිධ ක්‍රම ගැනත් අපි ඉස්සරහට කතා කරමු.
ඔන්න ඔය විදියට අද කතාව ඉවරයි.
එහෙනම් ඉතින් ඊගාව ලිපියෙන් තවත් කොටසක් අරගෙන එන්නම්. එතකල් ජය වේවා....!!!
මේව ලියන්නෙ බේබිපිප්ස් කියන වෙබ්සයිට් එකේ තියන Forex පාඩම් මාලා ඇසුරෙන්. එහෙනම් අපි ගියා....
No comments:
Post a Comment