Sunday, February 5, 2023

 03. Buying and Selling Currency Pairs


මොකද්ද මේ Forex Trading කියල කියන්නෙ? 

මුලින්ම කියල ඉන්නම් Forex Trade එකකදි මොකද වෙන්නෙ කියල. Forex Market එකේ Trade කරන්න ඕනෙ නම් අපිට Broker කෙනෙක් හරහා හෝ CFD provider කෙනෙක් හරහා තමයි Trade කරන්න ලැබෙන්නෙ. ඒ වගේම තමයි මේ ගොල්ලො අපිට Trade කරන්න දෙන්නෙ currency pair එකක්. Pair එකක් කියල කියන්නෙ එක Currency එකක් තව Currency එකක් එක්ක compare කරල හදල තිය Combination එකකට. 

උදාහරණයක් කියනවනම් Euro එකයි U.S. Dollar එකයි compare කරල EUR/USD කියල Pair එකක් හදල තියනව. British Pound එකයි Japanese Yen එකයි compare කරල GBP/JPY කියල Pair එකක් හදල තියනව. මේ විදියට එක එක currency compare කරල හදපු Pairs බර ගාණක් තියනව. 


එතකොට Forex Trade එකකදි මොකද වෙන්නෙ? 

Trade කරනව කියන්නෙ buy කරන එක නැත්නම් sell කරන එක කියල ඔයාල දැන් දන්නවනෙ. එතකොට Pair එකක් විදියට තියන එකක් buy හරි sell හරි කලාම මොකද වෙන්නෙ? ඔයා Forex Market එකේ මොන Pair එක Buy කරත් ඒ හැම වෙලාවෙම Pair එකේ තියන එක Currency එකක් buy වෙනව.ඒ වගේම ඒ මොහොතෙම Pair එකේ අනිත් Currency එක Sell වෙනව. ඔයා Buy එකක් නැතුව Sell එකක් දැම්මත් මේක මේ විදියටම වෙනව. සරලවම ඔන්න ඕක තමයි Forex Trade එකක් ඇතුලෙ වෙන කතන්දරේ. 

පහල තියන පිංතූරෙ පොඩ්ඩක් බලන්නකො. 


හිතන්නකො මේ කඹේ දෙපැත්තෙ ඉන්නෙ Currency දෙකක් කියල. ඒ කියන්නෙ Currency Pair එකක්. ඉතින් මේ දෙන්න දෙපැත්තට කරන කඹ ඇදිල්ලෙ ප්‍රථිඵලයක් විදියට තමයි Exchange Rate එක වෙනස් වෙන්නෙ. එහෙම වෙන්නෙ කොහොමද කියලද කල්පනා කරේ? 

ඒක වෙන්නෙ මෙහෙමයි. කඹේ දෙපැත්තෙ ඉන්න දෙන්නගෙම ශක්තිය එකම සමානයිනම් මොකද වෙන්නෙ? කඹේ හෙල්ලෙන්නෙවත් නෑ නේද? මේක Currency Pair එකකට දාල බලමුකො. Currency දෙකම එකම ගාණට strong නම් මොකද වෙන්නෙ? හිතන්නකො LKR එකයි SGD එකයි තමයි දෙපැත්තෙ ඉන්නෙ.  Currency දෙකම එක වගේ ශක්තිමත්. එහෙනම් මට 10 LKR ටිකක් දීල SGD ටිකක් ගන්න ඕනෙනම් මම ඉල්ලන්නෙ SGD 10ක්ම නේද? මොකද දෙකෙන් මොකක් මම ළඟ තිබ්බත් වටිනාකම එකයි. ඒ කියන්නෙ Exchange Rate එක 1යි. හැබැයි ඇත්ත ලෝකෙ මෙහෙම වෙන්නෙ නෑ. හැම තත්පරයක්, මිලි තත්පරයක් ගානෙම එක එක රටවල් වල ආර්ථිකය වෙනස් වෙනව. එතකොට Currency එකේ Strength එක වෙනස් වෙනව. එතකොට මොකද වෙන්නෙ? Exchange rate එකත් හැම තිස්සෙම වෙනස් වෙනව. 

තේරුණානෙ? 😊😊😊


අපිට Currency Pairs Category තුනකට වෙන් කරන්න පුළුවන්,

 

1. The "Majors"

මේ Currency Pairs වල USD කියන Currency එක තියනවම තමයි. ඒක තමයි මේකෙ විශේෂත්වය. 


2. The "Crosses"

Crosses කියල අපි හඳුන්වන්නෙ USD නැති Currency Pairs. මේකෙත් USD නැතුව වෙන ඕනෙම Major Currency එකක් මේ pair එකක include වෙලා තිබ්බොත් අපි ඒක හඳුන්වන්නෙ "Minors" කියල. 


3. The "Exotics"

අපි කලින් පාඩමකින් කතා කරපු Major Currency වලින් එකක් සහ Emerging Market (EM) එකේ Currency එකක් එකතු වෙලා හැඳුන pairs වලට තමයි අපි "Exotics" කියල කියන්නෙ. 


Major Currency Pairs


මම කලින් කිව්ව වගේ, U.S. Dollars (USD) include වෙලා තියන Currency Pairs තමයි Majors කියල කියන්නෙ. අපි Major Currencies 8ක් තියනව කියල ඉගෙනගත්තනෙ. ඒ අට එකතු වෙලා Major Currency Pairs 7ක් හැදෙනව. 

මේ Major Currency Pairs තමයි Forex Market එකේ වැඩිපුරම Trade වෙන්නෙ. ඉතින් Crosses සහ Exotics එක්ක සන්සන්දනය කරනකොට Majors වල Price එක ඉක්මන් movement බලාගන්න පුළුවන්. මේක නිසා අපිට ගොඩක් හොඳ Trading opportunities මේ Majors වල බලාගන්නත් පුළුවන්. 


ඔයාල අහල තියනවද liquidity කියන වචනය? 

 Financial Markets වලදි liquidity කියන වචනේ අපි යොදාගන්නෙ ඒ Market එකේ සිද්ද වෙන Activities ප්‍රමාණය ගැන කියන්න. ඒ කියන්නෙ Financial Market එකක Level of activities වලට තමයි liquidity එක කියල කියන්නෙ. 

Forex Market එක ගැන කතා කරද්දි liquidity එක කියල කියන්නෙ මොකක් හරි Currency pair එකක් trade කරපු Volume එක සහ ඒ Currency Pair එක Buy හෝ Sell කරන active traders ල සංඛ්‍යාව මත පදනම් වෙලා අගයක්. 

ඒ වගේම තමයි යමක් වැඩිපුර trade වෙනවනම් ඒකෙ liquidity එක වැඩියි. 

උදාහරණයක් විදියට EUR/USD ගත්තොත්, මේ Currency pair එක AUD/USD Currency pair එකට වඩා ලොකු Volume එකකින්, වැඩි පිරිසක් trade කරනව. ඒ නිසා අපි කියනව EUR/USD pair එක AUD/USD pair එකට වඩා Liquid කියල. 


Major Cross-Currency Pairs (Minor Currency Pairs)

Crosses එහෙමත් නැත්නම් Cross-Currency Pairs කියල කියන්නෙ USD Currency එක නැතුව වෙන ඕනෙම Major Currency දෙකක් එකතු වෙලා හැදෙන Pair එකකට. මේ Currency pairs වලට අපි Minors කියලත් කියනව. 

Majors තරම් ලොකු liquidity එකක් නැති උනත් Minors වලත් හොඳ liquidity එකක් තියනව. මේ නිසා Minors වලත් Trading Opportunities ඕනෙ තරම් තියනව. 

EUR, JPY සහ GBP කියන Currencies ඇතුලත් වෙලා හැදිල තියන Minors තමයි වැඩිපුරම Trade වෙන Minor Currency Pairs වෙන්නෙ. 


Euro Crosses 


Yen Crosses 


Pound Crosses 


Other Crosses 


Exotic Currency Pairs

අපි මුලින්ම බලමු මොකද්ද මේ Exotic Currency එකක් කියන්නෙ කියල,

Exotic Currency එකක් කියල කියන්නෙ Developing or emerging Market එකක්, එහෙමත් නැත්නම් සංවර්ධනය වෙමින් පවතින හෝ කැපී පෙනෙන වර්ධනයක් සිදුවෙමින් පවතින Market එකකට හිමිකම් කියන රටවල් වල Currencies වලට. 

එතකොට Exotic Currency pairs හැදිල තියෙන්නෙ Major Currency එකක් සහ ඉහත කියපු විදියෙ Exotic Currency එකක් Pair කරල. Brazil, Mexico, Chile, Turkey, Hungary වගේ රටවල් අපිට Emerging Economy එකක් තියන රටවල් වලට උදාහරණ විදියට ගන්න පුළුවන්. 

Exotic Currency pairs , Majors, Minors තරම් විශාල වශයෙන් Trade වෙන්නෙ නැති නිසා Exotic Pairs Trade කරද්දි Transaction fee එක සාපේක්ෂව විශාල අගයක් ගන්න පුළුවන්. 

ඒ වගේම ඔයාගෙ Forex Broker අනුව ඔයාට Trade කරන්න පුළුවන් Exotic pairs ගණන වෙනස් වෙන්නත් හැකියාවක් තියනව. 




තවත් දෙයක් තමයි Exotic Currency Pairs වල Spread එක සාමාන්‍යයෙන් ලොකු අගයක් ගන්නව. සරලව කිව්වොත් EUR/USD , USD/JPY Currency pairs වල spread එක වගේ දෙතුන් ගුණයක් විශාලයි. 

Political Scandal (දේශපාලනික වංචාවක්/දූෂණයක්) එකක් හෝ Unexpected Election result (නොසිතූ මැතිවරණ ප්‍රථිඵලහක්) එකකින් පවා මේ Exotic pairs වල Exchange rate එක ප්‍රභල ලෙස වෙනස් වෙන්න පුළුවන්. 

Exotic Pairs වල Liquidity එක ඉතා අඩු අගයක් වීම තමයි මේ කට හේතුව. 

ඔයා නිකමටවත් Exotic pairs වල Trade කරන්න හිතාගෙන ඉන්නවනම් මේක හොඳට ඔළුවෙ තියාගන්න එක ගොඩක් වැදගත්.


පහල තියෙන්නෙ Exotic Currencies List එකක්. 


මුලින් කියපු ප්‍රධාන Currency Pairs ඛාණ්ඩ තුනට අමතරව currency Groups කියල ජාතියකුත් Forex Market එකේ තියනව. 😁😁😁

දැන් පොඩ්ඩක් බලමු මොනවද මේ Currency Groups කියල.


G10 Currencies

ලෝකයේ තියන liquidity එක වැඩිම සහ වැඩිපුරම Trade වෙන Currencies 10 තමයි මේ G10 Currencies කියල කියන්නෙ. 

Traders ල Open Market එකෙන් දිනපතා මේ Currencies Buy සහ Sell කිරීම සිදු කරනව. ඒ වගේම මේ ක්‍රියාවලිය මගින් Exchange rate එක මත වෙන බලපෑම ඉතා කුඩා එකක්. 


The Scandies 

මේකත් Group එකත් එක්ක යන පොඩි රස කතාවක් තියනව. අපි මුලින්ම ඒක ගැන පොඩ්ඩක් බලල ඉමු නේද?  😍😍😍


Scandinavia කියල කියන්නෙ ශක්තිමත් ඓතිහාසික, සංස්කෘතික සහ භාෂාමය වටිනාකමක් ඇති උතුරු යුරෝපයේ පිහිටල තියන උප කලාපයක්. 

එතකොට මේ Scandinavia කියන නම සාමාන්‍ය ව්‍යවහාරයේ පාවිච්චි කරන්නෙ Denmark , Norway සහ Sweden කිය රාජ්‍යයන් තුන හඳුන්වන පොදු නමක් විදියට. 

මේ රාජ්‍යන් තුනේම පාවිච්චි කරන Currencies වලටත් පොදු නමක් පාවිච්චි කරනව. ඒ තමයි "Scandies".

අතීතයේ එක්තරා කාලයකදි Denmark සහ Sweden එකතු වෙලා Scandinavia Monetary Union එක පිහිටුවා ගත්ත. මේගොල්ලන්ගෙ අරමුණ උනේ ඔවුන් පාවිච්චි කරන Currencies, Gold standard එකට අරගෙන එන්න. පස්සෙ කාලෙකදි Norway රාජ්‍යත් මේ union එකට එකතු වෙනව. 

ඒ කියන්නෙ මේ රටවල් තුන දැන් තමන්ගේ එක් එක් Currency එකක් භාවිතා කරනවා වෙනුවට සමාන මූල්‍ය වටිනාකමකින් යුක්ත තනි මුදල් ඒකකයක් (Currency එකක්) භාවිතා කරනව.

මෙහෙම කාලයක් යද්දි පළමුවන ලෝක යුද්ධය ඇතිවෙනව. ඉතින් පළමු ලෝක යුද්ධයෙන් පස්සෙ මේ Gold standard සංකල්පය අතෑරල දාල මේ ගොල්ලො Monetary Union එක විසුරුවා හරිනව. නමුත් ඔවුන් තීරණය කරනව එක් එක් රටට අගයෙන් වෙනස් කමක් කරල හරි ඔවුන් අතර පොදු Currency එක දිගටම පවත්වාගෙන යන්න. 

මේ එක් එක් රටවල් වල Currency වල නම් ගත්තොත් ඒ හැම එකක්ම Crown එහෙම නැත්නම් ඔටුන්න කියන තේරුම එන විදියට තමයි හැදිල තියෙන්නෙ. ඒ නම් අතරෙ තියන Spelling වල වෙනස්කම් වලට හේතුව තමයි එක් එක් රටේ භාවිතා කරන උතුරු ජර්මානු භාශාවෙ විවිධ වෙනස්කම්. 

SEK සහ NOK වලට "Stockie" සහ "Nokie" කියල අනුවර්ථ නාමයන් එහෙමත් නැත්නම් nick names පවා හැදිල තියනව. මේ නිසා USD/SEK pair එක "dollar stockie" කියලත් USD/NEK pair එක "dollar nokie" කියලත් හඳුන්වනව. 


CEE Currencies

මේ මොකද්ද ඒ ගමන මේ කියල හිතුනද? 😂😂


CEE - Central and Easten Europe 

Central Europe , The baltics, Easten Europe සහ Southeast Europe (The balkans) කියන Areas වල තියන countries තමයි නේ CEE කියන ඛාණ්ඩයට අයිති වෙන්නෙ. 


එතකොට මොනවද මේ Central and Eastern European Countries (CEECs) ?

Albania, Bulgaria, Croatia, the Czech Republic, Hungary, Poland, Romania, the Slovak Republic, Slovenia සහ Baltic රාජ්‍යයන් තුනක් වන Estonia, Latvia සහ Lithuania.

Forex Market එක ගැන කතා කරනකොට අපි අවධානයෙන් සිටිය යුතු Currencies 4ක් මේ CEE List එකේ තියනව. 


BRIICS

මොකද්ද මේ BRIICS ? 🙃

BRIICS කියල කියන්නෙ නැගී එන National Economy එකකට හිමිකම් කියන රටවල් 6ක් හඳුන්වන්න යොදාගන්න කෙටි නමක්. එතකොට Brazil, Russia, India, Indonesia, China සහ South Africa තමයි මේ රටවල් 6. 

මුලින්ම මේක “BRIC” (BRICs) කියල තමයි Goldman Sachs විසින් නිර්මාණය කලේ. වර්ථමානයේ ඉහළ වර්ධනයක් සහිතව නැගීඑන Economies හඳුන්වන්න තමයි BRICs කියන Term එක ඔවුන් යොදාගත්තෙ. මේකට ඇතුලත් උනේ Brazil, Russia, India සහ China විතරයි. 

එතකොට BRIICS කියල කියන්නෙ කලින් කියපු රටවල් හතරට Indonesia සහ South Africa කියන රටවල් දෙකත් එකත් කරල OECD (The Organization for Economic Cooperation and Development) විසින් හොඩනගපු Term එක. 


Summary 


අදනම් පට්ට දිගයි නේද? අන්තිමට යද්දි මුල ඒව මතක නෑ වගේද? අවුලක් නෑ අපි පොඩි summary එකක් බලමු. මේ කොටස අරන් එන්න ටික දවසක් ගියෙත් මේකෙ දිග නිසාමයි. 😬😬


Forex වලදි Currency Pair එකක් කියල අපි හඳුන්වන්නෙ මොකක්ද? 

එක රටක Currency එකකට සාපේක්ෂව තවත් රටක Currency එකක් යුගලයක් ලෙස දැක්වීමට තමයි Currency Pair එකක් කියල කියන්නෙ. උදාහරණයක් විදියට EUR/USD Pair එක කියල කියන්නෙ U.S. Dollar එකට සාපේක්ෂව Euro එකේ අගය.


Major Currency Pairs කියන්නෙ මොනවද? 

Major Currency pairs (Majors) කියල කියන්නෙ වැඩිපුරම Trade වෙන සහ U.S. Dollar එක ඇතුලත් වෙලා තියන Currency Pairs. Majors 7 ක් තියනව, 

EUR/USD

USD/JPY

GBP/USD

USD/CAD

USD/CHF

AUD/USD

NZD/USD


Currency Crosses කියන්නෙ මොනවද? 

Currency Crosses එහෙම නැත්නම් Minors කියල කියන්නෙ විශාල වශයෙන් Trade වෙන, U.S. Dollars ඇතුලත් වෙලා නැති Currency Pairs වලට. උදාහණ කීපයක් ගත්තොත්, 

EUR/CHF

GBP/JPY

EUR/CAD

හඳුන්වන්න පුළුවන්. 


Currency Pairs කීයක් විතර තියනවද? 🤭 

Currency Pairs සිය ගාණක් තිබුනත් ඒ හැම එකක්ම Forex Market එකේ Trade කරන්න අවථාව ලැබෙන්නෙ නෑ. The United Nations එහෙම නැත්නම් එක්සත් ජාතීන්ගේ සංවිධානය මේ වෙනකොට Currencies 180 ක් පමණ හඳුනාගෙන තියනව. ඔයාම මේ එකින් එක Pair කරල බලන්නකො කීයක් එනවද කියල. 😱


පට්ට දිග ලිපියකින් අදට වැඩේ ඉවරයි. 

එහෙනම් ඉතින් ඊගාව ලිපියෙන් තවත් කොටසක් අරගෙන එන්නම්. එතකල් ජය වේවා....!!! 

මේව ලියන්නෙ බේබිපිප්ස් කියන වෙබ්සයිට් එකේ තියන Forex පාඩම් මාලා ඇසුරෙන්. එහෙනම් අපි ගියා....

No comments:

Post a Comment

05. How to Trade Forex Forex Market එක කියන්නෙ මොකද්ද? Forex Market එක කොයිතරම් විශාලයිද? Currencies වර්ග මොනවද? වගේ දේවල් ටිකක් ඉයාල කලින් ...