Sunday, February 19, 2023

05. How to Trade Forex


Forex Market එක කියන්නෙ මොකද්ද? Forex Market එක කොයිතරම් විශාලයිද? Currencies වර්ග මොනවද? වගේ දේවල් ටිකක් ඉයාල කලින් පාඩම් ඉගෙනගත්තනෙ. අද අපි බලමු කොහොමද ඔයා Forex Trade කරන්නෙ කියල. වෙන විදියකට කියනවනන් අපි බලමු කොහොමද Forex Market එකට Trader කෙනෙක් විදියට සම්බන්ද වෙන්නෙ කියල. 


How to Trade Forex

Forex Market එකේ අපිට Trade කරන්න ක්‍රම කිහිපයක්ම තියනව. මේ අතරින් වඩාත්ම ජනප්‍රිය Financial Instruments කීපයක් පහලින් ඔයාලට බලාගන්න පුළුවන්. 

Retail Forex, Spot Forex, Currency Futures, Currency Options, Currency Exchange-traded Funds (or ETFs), Forex CDFs, Forex Spread betting 



විශේෂයෙන්ම කියන්ට ඕනෙ, 🤭😂

අපි මෙතනදි කතා කරන්නෙ retail tradersබ්ලට එහෙමත් නැත්නම් අපි වගේ Traders ලට Forex Market එකේ Trade කරන්න පුළුවන් ක්‍රම ගැන විතරයි. 

FX Swaps සහ Fowards වගේ Institutional Traders ල එහෙමත් නැත්නම් බැංකු, විශාල Funds වගේ අය Trade කරන Financial Instruments ගැන අපි මෙතනදි කතා කරන්නෙ නෑ. 


එහෙනම් අපි බලමු මුලින් කිව්ව එකින් එක ගන විස්තර ඇතුව බලමු කොහොමද ඔයාල මේ Forex World එකට අත්පොත් තියන්නෙ කියල. 😉


Currency Futures 

නමෙන්ම තේරෙනව ඇතිනෙ ඔයාලට මේකෙ මේ අනාගතය එහෙම නැත්නම් Future එක සම්බන්ද මොකක් හරි එකක් තමයි ඇත්තෙ කියල? 

ඔයා හරියටම හරි 🤝🤝

Futures කියල කියන්නෙ අනාගතයේ දවසකදි යම් නිශ්චිත මිලකට මොකක් හරි වත්කමක් මිලට ගන්න හෝ විකුණන්න ඇතිකර ගන්න ගිවිසුමක්. 


එතකොට Currency Futures කියන්නෙ? 

යම්කිසි මුදල් ඒකකයක් (Currency එකක්) විකිණීමට හෝ මිලදී ගැනීමට හැකි මිල පිළිබඳ විස්තර සහ එම Exchange එක සිදු කිරීමට නිශ්චිත දිනයක් සඳහන් කර ඇති ගිවිසුමක් තමයි Currency Future එකක් කියල කියන්නෙ. 

වර්ෂ 1972දි Chicago Mercantile Exchange (CME) එක තමයි මේ Currency Futures කියන Financial Instrument එක හඳුන්වා දුන්නෙ. 

Futures Contracts Market එක ඉතාමත් විනිවිද බාවයක් සහිත (Transparent) සහ හොඳින් නියාමනය (Well Regulated) කරන ලද Market එකක් විදියට තමයි හඳුන්වන්නෙ. 

Futures Contracts ප්‍රමිතිගත කර තිබීම (Standardized) සහ මධ්‍යගත හුවමාරුවක් (Centralized Exchange) මගින් Trade කල හැකිවීම තමයි මේකට හේතු වෙන්නෙ. 

ඒ කියන්නෙ Price Transaction Information එහෙමත් නැත්නම් මුදල් හුවමාරු පිළිබඳ දත්ත ඕනෑම කෙනෙක්ට බලන්න පුළුවන්. 

Futures Contracts ගැන තව දුරටත් හොයල බලන්න ආස කෙනෙක් ඉන්නවනම් ඔයාට පුළුවන් මේ පහල තියන Link එකෙන් ඒ ගැන විස්තර දැනගන්න. 


https://www.cmegroup.com/markets/fx.html?redirect=/trading/fx/


Currency Options 

Option කියල හඳුන්වන Financial Instrument එකේදි වෙන්නෙ මෙන්න මෙහෙම දෙයක්,

මේකත් අපි කලින් කතා කරපු Futures වගේම Contract එකක්. Options වලදි Option එක මිලදී ගන්න Buyer කෙනෙක්ට පුළුවන් Option එක කල් ඉකුත්වන දිනයේදි යම්කිසි වත්කමක් නිශ්චිත මිලකට විකුණන්න හෝ මිළදී ගන්න. Option එක කල් ඉකුත්වන දිනයේදී වත්කමක් එහෙමත් නැත්නම් Asset එකක් buy හෝ sell කරන එක Buyer අනිවාර්‍යයෙන්ම කලයුතු දෙයක් එහෙමත් නැත්නම් වගකීමක් නෙමෙයි. 

හිතන්නකො Trader කෙනෙක් Option එකක් Sell කලා කියල. මේ වෙලාවදි Trader ට සිද්ද වෙනව Option එක කල් ඉකුත්වෙන දිනයෙදි යම්කිසි නිශ්චිත මිලකට වත්කමක් විකුණන්න හෝ මිලදී ගන්න. මේ අවස්ථාවෙදි ඒක trader ගෙ වගකීමක්. 

Future වලදි වගේම Chicago Mercantile Exchange (CME), The International Securities Exchange (ISE), Philadelphia Stock Exchange (PHLX) වගේ Exchange වල තමයි Options trade කරන්නෙ. 

කොහොම නමුත් Forex Options trade කරන එකේ අවාසි සහගත තත්වයකුත් තියනව. 

මොකද සමහට Options වල Market hours, Limit කරල තියෙන්නෙ. ඒ වගේම තමයි Spot, Future Markets වල වගේ හොඳ liquidity එකකුත් options Market එකේ නෑ..


Currency ETFs

Currency ETF එකකදි ඔයාලව තනි Currency එකකට හෝ Currency Pot එකකට expose කරනව. 

අපි වගේ Individual Traders ල individually trade කරද්දි තියන අවධානම සහ cost එක අවම කරගැනීමේ අරමුණින් තමයි Currency ETFs trade කරන්නෙ. ඒ වගේම මෙහිදී Managed Funds මගින් අපිට Forex Market එකට අවකාශය ලබා දෙනව. 

Speculate කරන්න, ඔයාගෙ Portfolio එක විවිධාංගීකරණය 🤭 (Diversify) කරගන්න හෝ Currency Risks වලට against, Hedge කරන්න අපිට Currency ETFs යොදාගන්න පුළුවන්. 

පහල link එකට ගියොත් ඔයාලට බලාගන්න පුළුවන් වැඩිපුරම Trade වෙන currency etfs list එක,


https://etfdb.com/etfdb-category/currency/


තමන්ගෙ Fund එකක් තුල Currencies Buy කර hold කර තබාගන්නා Financial institutions විසින් තමයි මේ Currency ETFs නිර්මාණය කිරීම සහ Manage කිරීම සිදු කරන්නෙ. Financial Institutions මේ විදියට හදන අරමුදල් (Funds) වල කොටස් Exchange එකක් හරහා සාමාන්‍ය ජනතාවට trade කරන්න අවස්ථාව සලසල දෙනව. සරලවම කියනවනම් ඔයාල දන්න stock market එකේදි වෙන වැඩේ වගේම තමයි. 

ETF market එකත් Currency options වගේම 24 hours Open Market එකක් නෙමෙයි. ඒ වගේම මේකෙදි Transaction costs සහ trading commissions අයකර ගන්නව. 


Spot FX 

Spot FX Market එක අපි Off-Exchange එහෙම නැත්නම් Over-the-counter (OTC) Market එකක් විදියට තමයි හඳුන්වන්නෙ. 

OTC Market එකකදි Customers ල Directly Trade කරන්නෙ තමන්ගෙ ප්‍රතිවිරුද්ධ පාර්ශවය සමඟමයි. 

ඒ වගේම තමයි Off-exchange Markets වලට නමේම තියනව වගේ Central Exchange එකක් නෑ. අපි කලින් කතා කරපු හැම Market එකටම Central Exchange එකක් තිබුණ නේද? ඒ විතරක් නෙමෙයි මේ Market එක 24 hours Open වගේම liquidity එකත් වැඩි විශාල Growing Market එකක්. 

Spot FX වලදි Contract එක සිදුවෙන්නෙ over-the-counter. ඒ කියන්නෙ අනිත් Markets වල වගේ නෙමෙයි මේකෙදි ගැණුම්කරු සහ විකුණුම්කරු අතර පමණක් පවතින Private agreement එකක් තියෙන්නෙ. 

Electronic trading networks හරහා තමයි Spot Market එකේ සිද්දවෙන Tradings වලින් වැඩි ප්‍රමාණයක් වෙන්නෙ. 

Forex dealers ල අතර trades වෙන Market එකට අපි කියනව interdealer market එක කියල. මේ Market එක තමයි Forex වල Primary market එක විදියට හඳුන්වන්නෙ. 


කවුද එතකොට dealer කෙනෙක් කියන්නෙ? 

Dealer කෙනෙක් කියන්නෙ ඕනෙම වෙලාවක තමන්ගෙ clients ලට currency buy හෝ sell කරන්න සූදානම් වෙලා ඉන්න අතරමැදියෙක්. 

Fx dealers ල අතරින් විශාල ප්‍රමාණයක් banks වීම හේතුවෙන් interdealer market එක interbank market කියලත් හඳුන්වනව. 

මේ interdealer market එකේ ගණුදෙනු කරන්න පුළුවන් වෙන්නෙ ඉතා විශාල මුදල් ප්‍රමාණයකට හිමිකම් කියන විශල ප්‍රමාණයේ trades සිතුකරන දැවැන්ත financial institutions වලට විතරයි. 

Banks, Insurance companies, Pension funds, Large corporations සහ Currency rates වල උච්චාවචනයන් (fluctuations) හා සම්බන්ධ risks පාලනය කරන අනෙකුත් දැවැන්ත financial Institutions තමයි මේ ඛාණ්ඩයට අයිති වෙන්නෙ. 

Spot FX Market එකේදි Institutional trader කෙනෙක් කරන්නෙ Currency එකක Delivery එකක් Make or take (කරන්න හෝ ලබාගන්න) කිරීම සඳහා Contract එකක් හෝ Agreement එකක් buy හෝ sell කරන එක. 


එතකොට Spot FX Transaction  එකක් කියන්නෙ මොකද්ද? 

එක් මුදල් ඒකකයක් තවත් මුදල් ඒකකයකට physically Exchange කිරීමට පාර්ශවයන් දෙකක් අතරෙ සිදුවෙන agreement එකක්. 

මේ Agreement එක තමයි Contract එකක් කියල කියන්නෙ. ඒ කියන්නෙ Spot Contract එකක් කියල කියන්නෙ යම්කිසි මුදලකට Foreign Currency ප්‍රමාණයක් මිලදී ගැනීමට හෝ විකිණීමට ඇතිකරගත්තු බැඳීමක්. මෙතනදි මේ යම්කිසි මුදලකට කියල අදහස් කරපු මුදලට තමයි අපි spot exchange rate එක එහෙම නැත්නම් Current Exchange rate එක කියල කියන්නෙ. 


දැන් හිතන්න ඔයා spot market එකේ EUR/USD buy කරනව කියල. මොකද්ද මේකෙ තේරුම? 

මේකෙන් කියන්නෙ කලින් එකඟ උන මිලකට ඔයාගෙ U.S Dollars වලට Exchange කරල ඔයාට යම්කිසි නිශ්චිත Euro ප්‍රමාණයක් ලැබෙන බවට සඳහන් වෙලා තියන Contract එකක් ඔයා trade කරා කියන එක. මෙතන මේ එකඟ උන මිලකට කියල කියල තියන එකට තමයි අපි Exchange rate එක කියල කියන්නෙ. 


විශේෂයෙන්ම කියන්ට ඕනෙ දෙයක් තමයි,😉🤭 

මේකෙදි ඔයා ඇත්තටම trade කරන්නෙ currencies නෙමෙයි. 😱 Currencies සම්බන්දවෙලා හදල තියන Contracts. 😳

Spot කියල කිව්වම අපිට හිතෙන්නෙ මේකෙ transactions, On the spot settle වෙනව ඇති කියලනෙ. 

හැබැයි ඇත්තටම ඒකෙ එහෙම නෑ. වර්තමාන Market rates වලින් spot Forex trade එකක් සිදු කරොත් transaction එක settle වෙන්න trade එක සිදු උන දවසෙ ඉඳල දින දෙකක් ගත වෙනව. 

මේක අපි T+2 (Today plus two business days) කියල හඳුන්වනව. 

ඒ කියන්නෙ ඔයා buy හෝ sell කරපු දේ ඔයාට working days දෙකක් ඇතුළත ලැබෙන්න ඕනෙ. මේ දවස අපි Value date එහෙම නැත්නම් Delivery date එක කියල හඳුන්වනව. 


උදාහරණයක් බලමුද?

හිතන්න Institution එකක් Spot FX market එකෙන් EUR/USD buy කරනව. 

Institution එක මේ trade එක කරේ සඳුදනම් (Trade open එක සහ close එක) බදාහ තමයි Value date එක. ඒ කියන්නෙ institution එකට Euros හම්බවෙන්නෙ බදාද. 

USD/CAD, USD/TRY, USD/RUB සහ USD/PHP වගේ currencies වල value date එක වෙන්නෙ එක දවසයි. මේව අපි T+1 කියල හඳුන්වනව. 

මේ මොනව කොහොම උනත් actual spot forex market අපි වගේ retail forex traders ලට trade කරන්න බෑ. 🙁


එහෙනම් කොහොමද අපි Forex Trade කරන්නෙ? 

ඉන්න ඉන්න ඊගාව topic එක ඒක තමයි. 🙃


Retail Forex

අපි වගේ පුංචි මිනිස්සුන්ටත් trade කරන්න පුළුවන් ලස්සන ලෝකයක් මේ කොහේ ඇරි ඇති නේද සගෝ? 😬

ඔව් ඔව් තියනව තියනව. Retail Traders ලටත් Forex Market එකට සහභාගී වීමේ අවස්ථාව ලබාදෙන Secondary OTC market එකක් තියනව. 

මේකට Access ලබාදෙන්නෙ Forex Trading Providers ල. නැත්නම් අපි දන්න භාෂාවෙන් Forex Brockers ල. 

මේ ගොල්ලො අපි වෙනුවෙන් Primary OTC market එකේ Trade කරන එක තමයි කරන්නෙ. මේකෙදි මේගොල්ලො Primary Market එකේ තියන හොඳම Prices තෝරල අරගෙන ඒවට Markup එකක් ඒ කියන්නෙ ඒ ගොල්ලොන්ගෙ ලාභයත් එකතු කරල තමයි එයාලගෙ Trading Platforms හරහා අපිට පෙන්නන්නෙ. 😱

මේකත් හරියට ඔයාලගෙ ගමේ තියන සිල්ලර බඩු කඩේ වගේ තමයි. තොග වෙළෙන්දන්ගෙන් බඩු අරගෙ මුදලාලිගෙ ලාබෙත් තියාගෙන අපිට විකුණනව. 

සාමන්‍යයෙන් spot forex contract එකක් trade වෙලා දවස් දෙකක් ඇතුලත currency delivery එක වෙන්න ඕනෙ කියල නේද අපි කලින් ඉගෙනගත්තෙ? හැබැයි Forex Trading වලදි කොසිම කෙනෙක් කිසිම currency එකක් Deliver කරන්නෙ නෑ..... 🤦‍♂️🤷‍♂️

ඒ ගොල්ලො position එක "rolled" forward කරනව.  

විශේෂයෙන්ම retail spot forex වලදි අපි කරන්නෙ currency වල trade කරන එක නෙමෙයිනෙ, ඒ වෙනුවට අපි කරන්නෙ leverage කරපු Contract එකක් trade කරන එක. 

ඉතින් අපිට (Retail Traders ලට) මේ leveraged spot forex contract එකකින් currency delivery එකක් කරන්න බෑ. 

Retail Forex Brokers ල ඔයාට leverage එක භාවිතා කරල trade කරන්න අවස්ථාවක් දෙනව. මේ නිසා තමයි ඔයාට අවශ්‍යකරන margin level එක වගේ 50 ගුණයක් තරම් විශාල positions Open කරන්න අවස්ථාව ලැබිල තියෙන්නෙ. ඒ කියන්නෙ leverage එකෙන් කරන්නෙ පොඩි මුදලකින් විශාල currency ප්‍රමාණයක් control කරන්න අවස්ථාව ඔයාට ලබාදෙන එක. 


මේ නිසා ඔයාට $100,000 තරම් වටින trade එකක් උනත් $2000 ක් වගේ මුදලක් පාවිච්චි කරල Open කරන්න පුළුවන්. 

(Margin එක කියන්නෙ මොකද්ද කියල හිතෙනව ඇති නේද දැන්? ඒක ගැන කතා කරන්න වෙලාව නෙමෙයි මේක. ඒ ගැන වෙනම topic එකක් ඉස්සරහට එනව.👀)

හිතන්න ඔයාගෙ EUR/USD trade එක short වෙලා දැන් ඔයාට $100,000 ක් වටින Euros deliver කරන්න වෙනව. 

කොහොමද ඔයා මේක කරන්නෙ? මොකද ඔයා ළඟ තියෙන්නෙ $2000යි. 

මේ නිසා ඔයාට සිද්ධ වෙනව trade එක settle වෙන්න කලින් ඒක close කරල දාන්න. එහෙම නැත්නම් roll කරන්න. 

ඉතින් මේ physical delivery කරදරේ වලක්වගන්න retail Forex Brokers ල clients ලගෙ positions automatically ම “roll” කරනව. 


මේ නිසා තමයි ඔයාට කලින් කතා කරපු උදාහරණෙදි $100,000 ක් වටින Euros ගෙවන්න වෙන්නෙ නැත්තෙ. 

ඇත්තටම Retail Forex Broker විසින් Retail Forex Trading වලදි සිදුවෙන Transactions එම transactions amount එකට සමාන සහ ප්‍රතිවිරුද්ධ transaction එකක් මගින් close out කරනව. 

උදාහරණයක් විදියට හිතන්නකො ඔයා ළඟ තියන USD වලින් ඔයා GBP මිලට ගන්නව කියල මෙතනදි Broker විසින් USD අරගන්න GBP sell කරල ඔයාගෙ trade එක close out කරනව. 


මේකට Transaction එකක් Offsetting කරනව එහෙම නැත්නම් liquidating කරනව කියලත් කියනව. 

දවස අවසාන වෙද්දි ඔයාගෙ position එකක් open තත්වයේ තියනවනම් ඒක automatically ම ඊළඟ Value day එකට rolled over වෙනව. currency delivery එකක් සිදුවෙන එක නවත්තන්න තමයි එහෙම කරන්නෙ. 

ඔයා Spot contract position එකක් open කරාම ඔයා කවද හරි දවසක ඒක close කරනකල්ම ඔයාගෙ retail forex trader විසින් ඒ position එක roll කිරීම කරනව. 

Currency pair එකක් මේ විදියට rolling over කිරීම Tomorrow-Next එහෙම නැත්නම් Tom-Next කියල හඳුන්වනව. Tomorrow and the next date කියන එක තමයි මේකෙ තේරුම. 

Position එකක් මේ විදියට roll over කරද්දි ඒකට අදාලව Interest එකක් trader විසින් ගෙවන්න සිදුවෙන්න හෝ trader ට ලැබෙන්න පුළුවන්. 


මේ charge එක Swap Fee එහෙම නැත්නම් rollover fee එක කියල හඳුන්වනව. ඔයාගෙ broker මේ අගය calculate කරාට පස්සෙ අදාල විදියට ඔයාගෙ account balance එකට මේ ගාන එකතු කිරීම හෝ account balance එකෙන් අඩු කිරීම සිදු කරනව. 

Retail Forex trading කියන එක speculative එහෙම නැත්නම් අනුමානය මත පදනම් වෙලා තියනව කියල තමයි සලකන්නෙ. ඒ කියන්නෙ exchange rate movement traders ල විසින් අනුමාන කරන එක හෝ ඒ වෙනුවෙන් ඔට්ටු අල්ලනව වගේ වැඩක් තමයි කරන්නෙ. මොකද ඔවුන් මිලදී ගන්න currency එක තමන් ළඟ තියාගන්න හෝ විකුණන Currency එක Deliver කරන්න ඔවුන් බලාපොරොත්තු වෙන්නෙ නෑ. 


Forex Spread Bet

Spread Betting කියන එක Derivative Product එකක් විදියට තමයි හඳුන්වන්නෙ. ඒ කියන්නෙ මේකෙදි ඔයා කරන්නෙ මොකක් හරි asset එකක price එක up හෝ down වේවිද කිහන එක speculate කරන එක. නැත්නම් අනුමාන කරන එක. නමුත් මේකෙදි ඔයාට asset එකේ අයිතිය ලැබෙන්නෙ නෑ.

ඒ කියන්නෙ forex spread bet එකකදි ඔයාට currency pair එකක future price direction එක speculate කරන්න තමයි තියෙන්නෙ. 

Spot FX market එකේ currency pairs වල prices තමයි මේ Spread betting වල currency pairs වල price විදියට යොදාගන්නෙ. 

මේකෙදි ඔයා position එකක් open කලාම ඒක close කරන මොහොත වෙනකල් ඔයා අනුමාන කරපු පැත්තට price එක කොච්චර දුරක් move ජ්නාද කියන එක සහ ඔයා point එකකට bet කරපු ගාණ මත තමයි ඔයාගෙ profit එක තීරණය වෙන්නෙ. 

මේ spread betting පහසුකම සලසාදෙන අයට Spread betting brokers ල කියල අපි කියනව. 

U.K වල FSA මගින් නියාමනය කරනු ලැබුවත් U.S වල spread betting සලකන්නෙ සූදුවක් විදියට. ඒ නිසා U.S වලදි ඔයාට Spread Betting කිරීමේ හැකියාවක් ලැබෙන්නෙ නෑ. 


Forex CFD

A Contract For Difference එහෙම නැත්නම් (CFD) කියල කියන්නෙ financial derivative එකක් එහෙම නැත්නම් මූල්‍ය ව්‍යුත්පන්නයක්. Derivative product එකක් මගින් ඒකට අදාල asset එකේ market price එක track කරනව. මේ නිසා traders ලට price එක up වෙයිද එහෙම නැත්නම් fall වෙයිද කියල speculate කරන්න පුළුවන්.

CFD එකක price එක derive කරගන්න ඒකට අදාල asset එකේ price එකෙන්. 

CDF Provider සහ trader අතර තියන contract එක තමයි CFD එකක් කියල හඳුන්වන්නෙ. මේකෙදි security එකක වටිනාකමේ වෙනස එක් පාර්ශවයක් විසින් අනෙක් පාර්ශවයට ගෙවීමට එකඟ වීමක් තමයි වෙන්නෙ. මෙතනදි වටිනාකමේ වෙනස එහෙම නැත්නම් difference එක කියල කියන්නෙ trade එකක opening එකේදි සහ closing එකේදි තියන price අතර වෙනසට. 

මේකම තව ටිකක් සරල කරල මෙහෙම කියන්නත් පුළුවන්, 

ඔයා CFD provider එක්ක bet එකක් දානව මොකක් හරි asset එකක වටිනාකම up හෝ down වෙයි කියල. ඒ වගේම මේකෙදි ඔයා agree වෙනව bet එක දිනන්නෙ කවුරු උනත් දිනන කෙනාට අනිත් කෙනා ඔයා asset එකේ trade එක දාන වෙලාවෙ තිබ්බ price එක සහ trade එක close කරන වෙලාවෙ තියන price එක අතර වෙනස ගෙවනව කියල. 

එ කියන්නෙ සරලවම Forex CFD එකක් කියන්නෙ currency pair එකක ඔයා position එකක් open කරන වෙලාවෙ සහ close කරන වෙලාවෙ price එක අතර වෙනස exchange කරගන්න ඇති කරගන්න agreement එකක්. 

Currency pair එකක CFD price එක Derive කරගන්නෙ අදාල currency pair එකට අදා spot forex price එකෙන්. ( අඩුම තරමින් ඒක එහෙම වෙන්න ඕනෙ. එහෙම නැත්නම් මොකක් මතද CFD provider price එක තීරණය කරන්නෙ? 🤔) 

Forex CFD මගින් ඔයාට Currency pair එකක directions දෙකටම trade කිරීමේ අවස්ථාව ලබාදෙනව. ඒ කියන්නෙ ඔයාට long වගේම short positions ගන්නත් පුළුවන්. 

මෙතනදි ඔයා හිතපු පැත්තට Market එක move වෙනවනම් ඔයාට profit එකම් ගන්න පුළුවන් වගේම market එක ඔයාට against යනවනම් ඔයා loss වෙනව.

සාමාන්‍ය එහෙම නැත්නම් Traditional spot fx contracts වලට වඩා rolling fx contract වෙනස් කියල Eu (යුරෝපා සංගමය) සහ UK(එක්සත් රාජධානිය) වල regulations තීරණය කරල තියනව. 

මොකද rolling fx contracts වලදි physical currency එකක් අයිති කර ගැනීමේ intention එකක් නෑ වගේම මේකෙදි කරන්නෙ සරලවම contract එකට අදාල currency එකේ price එක speculate කරන එක. 

ඒ වගේම තමයි rolling spot fx contract trade කිර්‍රිමේ සැබෑ අරමුණ තමයි currency එකක් හිමි කරගැනීමෙන් තොරව currency pair එකක price fluctuation වෙත නිරාවරණය නැත්නම් exposure එකක් ලබා ගැනීම.

ඉතින් මේ හේතූන් නිසා මේ දෙක අතර වෙනස පැහැදිලිව පෙනෙන්න rolling spot fx contract එක CFD එකක් විදියට නියාමනය කෙරුන. (U.S වල CFDs illegal නිසා retail forex transactions කියල තමයි මේක හඳුන්වන්නෙ) 


Forex CFD trading provide කරන අයව CFD providers ල කියල තමයි හඳුන්වන්නෙ. 

U.S වලින් පිටතදි බොහෝවිට retail forex trading සිදුකරන්නෙ CFDs හෝ  Spread betting භාවිතයෙන්. 


ටික දවසකට පස්සෙ ඔන්න ආයෙත් පට්ට දිග lesson එකක් අරගෙන ආව. 

ඔන්න ඔය විදියට අද කතාව ඉවරයි. පුළුවන් හැමෝම comment එකක් දාල ඔයාලගෙ අදහස් කියන්න මේ වැඩේ ගැන. ඒ වගේම content එක හොඳයි නම් share කරන්නත් අමතක කරන්න එපා. 

මොකද visitors ල වැඩිවෙද්දි වැඩේ ඇදගෙන යන්න එන ගැම්මත් වැඩිවෙනව. 

එහෙනම් ඉතින් ඊගාව ලිපියෙන් තවත් කොටසක් අරගෙන එන්නම්. එතකල් ජය වේවා....!!!  

Monday, February 6, 2023

 04. Forex Market size and Liquidity 


Forex Trading වලින් වැඩිම ප්‍රමාණයක් සිදු වෙන්නෙ "Interbank Market" නමින් හඳුන්වන ස්ථානයක. 

New York  Stock Exchange (NYSE) එක London Stock Exchange (LSE) එක වගේ Stock Exchange එක්ක වගේ Financial Markets එක්ක සන්සන්දනය කරනකොට Forex Market එක ඊට හාත්පසින්ම වෙනස්. මොකද Forex Market එකට Stock Exchanges වලට වගේ Physical Location එකක් හෝ Central Exchange එකක් හෝ නෑ. 

Forex Market එක Banks සහ Non-Bank financial institutions (NBFIs) වලින් සමන්විත ජාලයක් තුළ පැය 24 පුරාම Electronically ක්‍රියාත්මක වෙන නිසා අපි Forex Market එක over-the-counter (OTC) Market එකක් විදියට තමයි හඳුනාගන්නෙ. 

ඒ කියන්නෙ Forex Market එක මුළු ලෝකය පුරාම පැතිරිලා තියන Central Location එකක් නැති Market එකක්. ඒක නිසා ඉතින් ඔයාට Internet Connection එකක් තියනවනම් ලෝකෙ ඕනෙම තැනක ඉඳන් Forex Trading කරන්න පුළුවන්. 



Forex Market එකේ ලෝකය පුරා එක එක ට්ගැන්වල ජීවත් වන තනි පුද්ගලයින් විශාල ප්‍රමාණයක් වගේම නොයෙක් සංවිධාන විශාල ප්‍රමාණයකුත් Trade කරනව. 

ඒ වගේම දැනට ලෝකයේ තියන විශාලතම වගේම ජනප්‍රියතම Financial Market එක තමයි Forex OTC Market එක කියල කියන්නෙ. 


OTC Market එකක් කියන්නෙ මොකද්ද? 

OTC Market එකකදි වෙන්නෙ ඒ සඳහා සහභාගී වෙන කෙනාට Trading Conditions, Price එකේ තියන ආකර්ෂණීය බව සහ Trade එකට සහභාගී වෙන අනෙක් පාර්ශවය මත පදනම් වෙලා තෝරගන්න පුළුවන් එයාට කාත් සමගද Trade කරන්න අවශ්‍ය කියන එක. එහෙම තෝරගෙන Trade කරන කෙනාට තමන්ගෙ Trade එක Place කරන්න පුළුවන්. 

පහල තියන chart එක පොඩ්ඩක් බලන්නකො. මේකෙ තියෙන්නෙ වඩාත්ම ක්‍රියාකාරීව එහෙම නැත්නම් Most actively, Trade වෙන Currencies හත, 


මොකක් හරි අවුලක් තියනව වගේ නේද? 🤔

ඔව්. පොඩි කේස් එකක් තියනව. සාමාන්‍යයෙන් මේ වගේ Chart එකක percentage වල එකතුව 100%ක් නේද වෙන්න ඕනෙ? ඒත් මේකෙ 200%ක් වෙලානෙ. ඒකටත් හේතුවක් තියනව. Currency එකක් හැම වෙලේම තවත් Currency එකක් එක්ක Pair වෙලා Trade වෙන නිසා තමයි එහෙම වෙන්නෙ. 

උඩ තියන chart එක ඇසුරෙන් අපිට සරල නිගමන කීපයකට එන්න පුළුවන්, දැන් බලමු ඒ මොනවද කියල,

  • U.S Dollar එක තමයි වැඩිපුරම Trade වෙන Currency එක. Percentage එකක් විදියට ගත්තම සමස්‍ථ Transactions වලින් 84.9% ක්. 
  • පිළිවෙලින් දෙවන සහ තුන්වන ස්ථාන විදියට Euro එක 39.1% ක percentage එකක් Trade වෙනව වගේම Yen එක 19% ක percentage එකක් Trade වෙනව. 
  • ඒ වගේම ඔයාට පේනව ඇති මේ list එකේ ඉහළින්ම තියෙන වැඩිපුරම ප්‍රමාණයක් අපි කලින් ලිපියකදි Major Currencies විදියට හඳුනා ගත්තු ඒව. 


The Dollar Is The King In The Forex Market ( Dollar එක තමයි Forex Market එකේ King විදියට හඳුන්වන්නෙ) 


ඔයාල දකින්න ඇති හැම Major Currency pair එකකම USD ඇතුලත් වෙලා තියනව. ඒ වගේම තමයි Forex Market එකේ සිදුවෙන Trades වලින් 75%ක්ම වෙන්නෙ Majors වල. ඉතින් ඔයාලට තේරෙනව ඇති U.S Dollar එකට අපි කොච්චර අවධානයක් දෙන්න ඕනෙද කියන එක. 


ඒ වගේම තමයි International Monetary Fund ( IMF) එකට අනුව ලෝකයේ නිල විදේශ විනිමය සංචිත (Official Foreign Exchange Reserves) වලින් දළ වශයෙන් 62% ක වගේ ප්‍රමාණයක් සමන්විත වෙන්නෙ U.S. Dollars වලින්. 


මොනවද මේ Foreign Exchange Reserves කියල කියන්නෙ? 

Foreign Exchange Reserves කියල කියන්නෙ කිසියම් Central Bank එකක් තමා සංචිතයේ තබාගෙන ඇති විදේශීය මුදල් වලට. අපේ රටේ මේ දවස්වල නෑ නෑ කියන්නෙ මේව තමයි. 

ඉතින් මේ ලෝකෙ තියන හැම Central Exchange එකක්, හැම Investor කෙනෙක්ම, හැම ව්‍යාපාරයක්ම වගේ USD ලඟ තියාගෙන ඉන්න නිසා ඔවුන් U.S. Dollar එක ගැන හොඳ අවධානයෙන් ඉන්නෙ. 


කලින් කියපු කාරණා වලට අමතරව U.S Dollar එක Forex Market එක ඇතුලෙ මේ තරම් ලොකු තැනක් අයිති කරගෙන ඉන්නෙ ඇයි කොයන එකට තවත් හේතු ටිකක් තමයි දැන් කියන්න හදන්නෙ. 

  • ලෝකයේ විශාලතම Economy එකට හිමිකම් කියන්නෙ The United States (එක්සත් ජනපදය) economy එක.
  • ලෝකයේ reserve Currency එක විදියට හඳුන්වන්නෙ U.S. Dollar එක.
  • ලෝකයේ විශාලතම වගේම liquidity එක වැඩිම Financial Markets තියෙන්න එක්සත් ජනපදයේ. 
  • එක්සත් ජනපදය සතුව Stable Political Systems එකක් තියනව. 
  • ලෝකයේ එකම Military superpower එක තියෙන්නෙ එක්සත් ජනපදයට.
  • බොහොමයක් රටවල් සහ Foreign Companies ණය ලබාගන්නෙ USD වලින්. මේ හේතුව නිසා ලෝකයේ තිබෙන ණය සහ bonds වලින් භාගයක් විතරම වගේ තියෙන්නෙ U.S. Dollars වලින්. 
  • ගොඩක් Cross-border transactions වලට මාධ්‍යක් විදියට යොදාගන්නෙ USD එක. උදාහරණයක් ගත්තොත් විදේශීය වෙළඳපොලේ තෙල් මිල සඳහන් වෙන්නෙ USD වලින්. හිතන්නකො අපිට තෙල් ගන්න ඕනෙ කියල සවුදි අරාබියෙන්. අපි රුපියල් දීල හරියනවද? නෑ. අපි කොහෙන් හරි USD ( ඩොලර්) හොයාගන්න ඕනෙ. හොඳ ආර්ථිකයක් තියන රටකටනම් තමන්ගෙ Currency එක විකුණල Dollars ගන්න පුළුවන්. ලංකාවෙ සල්ලි ගන්න උන්ට මොංගල් නෑනෙ. ඉතින් අපිට තියෙන්නෙ විදේශ විනිමයත් නැති හිංද මොකෙක්ගෙන් හරි හිඟා කාල USD ණයක් අරන් තෙල් ටික ගන්න. පොඩ්ඩක් මාතෘකාවෙන් පිට පැන්න වගේ නේහ්? 🤭🤭 හරි කොහොමහරි වෙන රටකට ට්ගෙල් ගන්න ඕනෙනම් මුලින් USD හොයාගෙන ඊටපස්සෙ තමයි USD දීල තෙල් ගන්න පුළුවන් වෙන්නෙ. මේකට තමයි කලින් කිව්වෙ cross-border transactions වලදි මාධ්‍යක් විදියට ක්‍රියා කරනව කියල. 

සරලවම කියනවනම් Trades, Payment සහ Loans සඳහා පහසුකම් සැපයීම වෙනුවෙන් අඛණ්ඩ USD Supply එක අත්‍යවශ්‍ය වෙනව. ඉතින් මුළු ලෝකයම USD එක මත Depend වෙනව. 


Speculation in the Forex Market

  • මොනවද Forex Market එකේ ප්‍රධාන Functions? 
  • එක් රටක Currency එකකට අයත් අරමුදලක් තවත් රටක Currency එකකට Transfer කිරීම.
  • රටවල් අතර සිදුවන ණය ගණුදෙනු සඳහා කෙටි කාලීන ණය පහසුකම් සැලසීම.
  • Transaction එකක් සිදු වෙන වෙලාවට හෝ Payment එකක් ලැබෙන වෙලාවට සිදුවිය හැකි Foreign Exchange Rate Fluctuation අවම කරගැනීමට.
  • To Speculate ( මේකට හරියටම සිංහල තේරුමක් කියන්න අමාරුයි. ඉස්සරහට යද්දි අපි මේ වචනය ගැන අවබෝධ කරගමු හෙමීට) 


Forex Market එකේ සිදුවෙන Financial සහ Commercial Transactions, Trading Volume එකේම කොටසක් වන අතර බොහෝ Currency Trading පදනම් වෙලා තියෙන්නෙ Speculation මත. 

තවත් විදියකට කියනවනම් Trading Volume එකෙන් වැඩි කොටසක් ලැබෙන්නෙ Short-term Price movements මත පදනම් වෙලා Currency Pairs buy හෝ sell කරන Traders ලගෙන්. මෙන්න මේ අයව තමයි අර කලින් මම කියපු Speculators කියන නමෙන් හඳුන්වන්නෙ. 

ඇස්තමේන්තු ගත කරල තියන විදියට මේ Speculators ල Forex Market එකට අරගෙන එන Trading volume එක 90% වගේ වෙනව. 

Forex Market එකේ Scale එක කියල අපි හඳුන්වන්නෙ දෙන ලද ඕනෑම වෙලාවක Market එකේ සිදුවෙන Buying සහ Selling ප්‍රමාණයට. මේ අගය ඉතාමත් විශාල අගයක් වෙනව. මේ නිසා Forex Market එකේ Scale එක ඉතා විශාලයි කියල අපි කියනව. 

Forex Market එකේ Scale එක විශාල වීම නිසා Market liquidity එකත් ඉතා විශාල වෙනව. Liquidity එක කියල කියන්නෙ price impact එක අවම වෙන විදියට මොකක් හරි දේකින් විශාල quantity එකක් buy හෝ sell කරන්න පුළුවන් හැකියාවට. 

Short Term Traders ලගෙ පැත්තෙන් බලනකොට මේ Liquidity එක ඉතාමත් වැදගත් දෙයක්. මොකද liquidity එක තමයි තීරණය කරන්නෙ නිශ්චිත කාලයකදි price එකක් කොයිතරම් පහසුවෙන් විචලනය වෙන්න පුළුවන්ද කියන එක. 

ඒ වගේම තමයි Forex Market එක වගේ liquid Market Environment එකක් තුළදි price එකට හෝ price action එකට ඉතාමත් කුඩා බලපෑමක් සිදුවෙන විදියට huge Trading volumes ඇතිවෙන්නත් පුළුවන්. 

Forex Market එක මේ විදියට ඉතා විශාල ලෙස Liquid උනත් Currency Pair එක, වෙලාව කියන සාධක මත Market depth එක වෙනස් වෙන්න පුළුවන්. 


ඉස්සරහට අපි කතා කරමු ඔයා trade කරන වෙලාව ඔයා Trade කරන Pair එකට බලපාන්නෙ කොහොමද කියල.

ඒ වගේම අපි වගේ individuals ලට Currencies වල Trade කරන්න පුළුවන් විවිධ ක්‍රම ගැනත් අපි ඉස්සරහට කතා කරමු. 

ඔන්න ඔය විදියට අද කතාව ඉවරයි. 

එහෙනම් ඉතින් ඊගාව ලිපියෙන් තවත් කොටසක් අරගෙන එන්නම්. එතකල් ජය වේවා....!!! 

මේව ලියන්නෙ බේබිපිප්ස් කියන වෙබ්සයිට් එකේ තියන Forex පාඩම් මාලා ඇසුරෙන්. එහෙනම් අපි ගියා....

Sunday, February 5, 2023

 03. Buying and Selling Currency Pairs


මොකද්ද මේ Forex Trading කියල කියන්නෙ? 

මුලින්ම කියල ඉන්නම් Forex Trade එකකදි මොකද වෙන්නෙ කියල. Forex Market එකේ Trade කරන්න ඕනෙ නම් අපිට Broker කෙනෙක් හරහා හෝ CFD provider කෙනෙක් හරහා තමයි Trade කරන්න ලැබෙන්නෙ. ඒ වගේම තමයි මේ ගොල්ලො අපිට Trade කරන්න දෙන්නෙ currency pair එකක්. Pair එකක් කියල කියන්නෙ එක Currency එකක් තව Currency එකක් එක්ක compare කරල හදල තිය Combination එකකට. 

උදාහරණයක් කියනවනම් Euro එකයි U.S. Dollar එකයි compare කරල EUR/USD කියල Pair එකක් හදල තියනව. British Pound එකයි Japanese Yen එකයි compare කරල GBP/JPY කියල Pair එකක් හදල තියනව. මේ විදියට එක එක currency compare කරල හදපු Pairs බර ගාණක් තියනව. 


එතකොට Forex Trade එකකදි මොකද වෙන්නෙ? 

Trade කරනව කියන්නෙ buy කරන එක නැත්නම් sell කරන එක කියල ඔයාල දැන් දන්නවනෙ. එතකොට Pair එකක් විදියට තියන එකක් buy හරි sell හරි කලාම මොකද වෙන්නෙ? ඔයා Forex Market එකේ මොන Pair එක Buy කරත් ඒ හැම වෙලාවෙම Pair එකේ තියන එක Currency එකක් buy වෙනව.ඒ වගේම ඒ මොහොතෙම Pair එකේ අනිත් Currency එක Sell වෙනව. ඔයා Buy එකක් නැතුව Sell එකක් දැම්මත් මේක මේ විදියටම වෙනව. සරලවම ඔන්න ඕක තමයි Forex Trade එකක් ඇතුලෙ වෙන කතන්දරේ. 

පහල තියන පිංතූරෙ පොඩ්ඩක් බලන්නකො. 


හිතන්නකො මේ කඹේ දෙපැත්තෙ ඉන්නෙ Currency දෙකක් කියල. ඒ කියන්නෙ Currency Pair එකක්. ඉතින් මේ දෙන්න දෙපැත්තට කරන කඹ ඇදිල්ලෙ ප්‍රථිඵලයක් විදියට තමයි Exchange Rate එක වෙනස් වෙන්නෙ. එහෙම වෙන්නෙ කොහොමද කියලද කල්පනා කරේ? 

ඒක වෙන්නෙ මෙහෙමයි. කඹේ දෙපැත්තෙ ඉන්න දෙන්නගෙම ශක්තිය එකම සමානයිනම් මොකද වෙන්නෙ? කඹේ හෙල්ලෙන්නෙවත් නෑ නේද? මේක Currency Pair එකකට දාල බලමුකො. Currency දෙකම එකම ගාණට strong නම් මොකද වෙන්නෙ? හිතන්නකො LKR එකයි SGD එකයි තමයි දෙපැත්තෙ ඉන්නෙ.  Currency දෙකම එක වගේ ශක්තිමත්. එහෙනම් මට 10 LKR ටිකක් දීල SGD ටිකක් ගන්න ඕනෙනම් මම ඉල්ලන්නෙ SGD 10ක්ම නේද? මොකද දෙකෙන් මොකක් මම ළඟ තිබ්බත් වටිනාකම එකයි. ඒ කියන්නෙ Exchange Rate එක 1යි. හැබැයි ඇත්ත ලෝකෙ මෙහෙම වෙන්නෙ නෑ. හැම තත්පරයක්, මිලි තත්පරයක් ගානෙම එක එක රටවල් වල ආර්ථිකය වෙනස් වෙනව. එතකොට Currency එකේ Strength එක වෙනස් වෙනව. එතකොට මොකද වෙන්නෙ? Exchange rate එකත් හැම තිස්සෙම වෙනස් වෙනව. 

තේරුණානෙ? 😊😊😊


අපිට Currency Pairs Category තුනකට වෙන් කරන්න පුළුවන්,

 

1. The "Majors"

මේ Currency Pairs වල USD කියන Currency එක තියනවම තමයි. ඒක තමයි මේකෙ විශේෂත්වය. 


2. The "Crosses"

Crosses කියල අපි හඳුන්වන්නෙ USD නැති Currency Pairs. මේකෙත් USD නැතුව වෙන ඕනෙම Major Currency එකක් මේ pair එකක include වෙලා තිබ්බොත් අපි ඒක හඳුන්වන්නෙ "Minors" කියල. 


3. The "Exotics"

අපි කලින් පාඩමකින් කතා කරපු Major Currency වලින් එකක් සහ Emerging Market (EM) එකේ Currency එකක් එකතු වෙලා හැඳුන pairs වලට තමයි අපි "Exotics" කියල කියන්නෙ. 


Major Currency Pairs


මම කලින් කිව්ව වගේ, U.S. Dollars (USD) include වෙලා තියන Currency Pairs තමයි Majors කියල කියන්නෙ. අපි Major Currencies 8ක් තියනව කියල ඉගෙනගත්තනෙ. ඒ අට එකතු වෙලා Major Currency Pairs 7ක් හැදෙනව. 

මේ Major Currency Pairs තමයි Forex Market එකේ වැඩිපුරම Trade වෙන්නෙ. ඉතින් Crosses සහ Exotics එක්ක සන්සන්දනය කරනකොට Majors වල Price එක ඉක්මන් movement බලාගන්න පුළුවන්. මේක නිසා අපිට ගොඩක් හොඳ Trading opportunities මේ Majors වල බලාගන්නත් පුළුවන්. 


ඔයාල අහල තියනවද liquidity කියන වචනය? 

 Financial Markets වලදි liquidity කියන වචනේ අපි යොදාගන්නෙ ඒ Market එකේ සිද්ද වෙන Activities ප්‍රමාණය ගැන කියන්න. ඒ කියන්නෙ Financial Market එකක Level of activities වලට තමයි liquidity එක කියල කියන්නෙ. 

Forex Market එක ගැන කතා කරද්දි liquidity එක කියල කියන්නෙ මොකක් හරි Currency pair එකක් trade කරපු Volume එක සහ ඒ Currency Pair එක Buy හෝ Sell කරන active traders ල සංඛ්‍යාව මත පදනම් වෙලා අගයක්. 

ඒ වගේම තමයි යමක් වැඩිපුර trade වෙනවනම් ඒකෙ liquidity එක වැඩියි. 

උදාහරණයක් විදියට EUR/USD ගත්තොත්, මේ Currency pair එක AUD/USD Currency pair එකට වඩා ලොකු Volume එකකින්, වැඩි පිරිසක් trade කරනව. ඒ නිසා අපි කියනව EUR/USD pair එක AUD/USD pair එකට වඩා Liquid කියල. 


Major Cross-Currency Pairs (Minor Currency Pairs)

Crosses එහෙමත් නැත්නම් Cross-Currency Pairs කියල කියන්නෙ USD Currency එක නැතුව වෙන ඕනෙම Major Currency දෙකක් එකතු වෙලා හැදෙන Pair එකකට. මේ Currency pairs වලට අපි Minors කියලත් කියනව. 

Majors තරම් ලොකු liquidity එකක් නැති උනත් Minors වලත් හොඳ liquidity එකක් තියනව. මේ නිසා Minors වලත් Trading Opportunities ඕනෙ තරම් තියනව. 

EUR, JPY සහ GBP කියන Currencies ඇතුලත් වෙලා හැදිල තියන Minors තමයි වැඩිපුරම Trade වෙන Minor Currency Pairs වෙන්නෙ. 


Euro Crosses 


Yen Crosses 


Pound Crosses 


Other Crosses 


Exotic Currency Pairs

අපි මුලින්ම බලමු මොකද්ද මේ Exotic Currency එකක් කියන්නෙ කියල,

Exotic Currency එකක් කියල කියන්නෙ Developing or emerging Market එකක්, එහෙමත් නැත්නම් සංවර්ධනය වෙමින් පවතින හෝ කැපී පෙනෙන වර්ධනයක් සිදුවෙමින් පවතින Market එකකට හිමිකම් කියන රටවල් වල Currencies වලට. 

එතකොට Exotic Currency pairs හැදිල තියෙන්නෙ Major Currency එකක් සහ ඉහත කියපු විදියෙ Exotic Currency එකක් Pair කරල. Brazil, Mexico, Chile, Turkey, Hungary වගේ රටවල් අපිට Emerging Economy එකක් තියන රටවල් වලට උදාහරණ විදියට ගන්න පුළුවන්. 

Exotic Currency pairs , Majors, Minors තරම් විශාල වශයෙන් Trade වෙන්නෙ නැති නිසා Exotic Pairs Trade කරද්දි Transaction fee එක සාපේක්ෂව විශාල අගයක් ගන්න පුළුවන්. 

ඒ වගේම ඔයාගෙ Forex Broker අනුව ඔයාට Trade කරන්න පුළුවන් Exotic pairs ගණන වෙනස් වෙන්නත් හැකියාවක් තියනව. 




තවත් දෙයක් තමයි Exotic Currency Pairs වල Spread එක සාමාන්‍යයෙන් ලොකු අගයක් ගන්නව. සරලව කිව්වොත් EUR/USD , USD/JPY Currency pairs වල spread එක වගේ දෙතුන් ගුණයක් විශාලයි. 

Political Scandal (දේශපාලනික වංචාවක්/දූෂණයක්) එකක් හෝ Unexpected Election result (නොසිතූ මැතිවරණ ප්‍රථිඵලහක්) එකකින් පවා මේ Exotic pairs වල Exchange rate එක ප්‍රභල ලෙස වෙනස් වෙන්න පුළුවන්. 

Exotic Pairs වල Liquidity එක ඉතා අඩු අගයක් වීම තමයි මේ කට හේතුව. 

ඔයා නිකමටවත් Exotic pairs වල Trade කරන්න හිතාගෙන ඉන්නවනම් මේක හොඳට ඔළුවෙ තියාගන්න එක ගොඩක් වැදගත්.


පහල තියෙන්නෙ Exotic Currencies List එකක්. 


මුලින් කියපු ප්‍රධාන Currency Pairs ඛාණ්ඩ තුනට අමතරව currency Groups කියල ජාතියකුත් Forex Market එකේ තියනව. 😁😁😁

දැන් පොඩ්ඩක් බලමු මොනවද මේ Currency Groups කියල.


G10 Currencies

ලෝකයේ තියන liquidity එක වැඩිම සහ වැඩිපුරම Trade වෙන Currencies 10 තමයි මේ G10 Currencies කියල කියන්නෙ. 

Traders ල Open Market එකෙන් දිනපතා මේ Currencies Buy සහ Sell කිරීම සිදු කරනව. ඒ වගේම මේ ක්‍රියාවලිය මගින් Exchange rate එක මත වෙන බලපෑම ඉතා කුඩා එකක්. 


The Scandies 

මේකත් Group එකත් එක්ක යන පොඩි රස කතාවක් තියනව. අපි මුලින්ම ඒක ගැන පොඩ්ඩක් බලල ඉමු නේද?  😍😍😍


Scandinavia කියල කියන්නෙ ශක්තිමත් ඓතිහාසික, සංස්කෘතික සහ භාෂාමය වටිනාකමක් ඇති උතුරු යුරෝපයේ පිහිටල තියන උප කලාපයක්. 

එතකොට මේ Scandinavia කියන නම සාමාන්‍ය ව්‍යවහාරයේ පාවිච්චි කරන්නෙ Denmark , Norway සහ Sweden කිය රාජ්‍යයන් තුන හඳුන්වන පොදු නමක් විදියට. 

මේ රාජ්‍යන් තුනේම පාවිච්චි කරන Currencies වලටත් පොදු නමක් පාවිච්චි කරනව. ඒ තමයි "Scandies".

අතීතයේ එක්තරා කාලයකදි Denmark සහ Sweden එකතු වෙලා Scandinavia Monetary Union එක පිහිටුවා ගත්ත. මේගොල්ලන්ගෙ අරමුණ උනේ ඔවුන් පාවිච්චි කරන Currencies, Gold standard එකට අරගෙන එන්න. පස්සෙ කාලෙකදි Norway රාජ්‍යත් මේ union එකට එකතු වෙනව. 

ඒ කියන්නෙ මේ රටවල් තුන දැන් තමන්ගේ එක් එක් Currency එකක් භාවිතා කරනවා වෙනුවට සමාන මූල්‍ය වටිනාකමකින් යුක්ත තනි මුදල් ඒකකයක් (Currency එකක්) භාවිතා කරනව.

මෙහෙම කාලයක් යද්දි පළමුවන ලෝක යුද්ධය ඇතිවෙනව. ඉතින් පළමු ලෝක යුද්ධයෙන් පස්සෙ මේ Gold standard සංකල්පය අතෑරල දාල මේ ගොල්ලො Monetary Union එක විසුරුවා හරිනව. නමුත් ඔවුන් තීරණය කරනව එක් එක් රටට අගයෙන් වෙනස් කමක් කරල හරි ඔවුන් අතර පොදු Currency එක දිගටම පවත්වාගෙන යන්න. 

මේ එක් එක් රටවල් වල Currency වල නම් ගත්තොත් ඒ හැම එකක්ම Crown එහෙම නැත්නම් ඔටුන්න කියන තේරුම එන විදියට තමයි හැදිල තියෙන්නෙ. ඒ නම් අතරෙ තියන Spelling වල වෙනස්කම් වලට හේතුව තමයි එක් එක් රටේ භාවිතා කරන උතුරු ජර්මානු භාශාවෙ විවිධ වෙනස්කම්. 

SEK සහ NOK වලට "Stockie" සහ "Nokie" කියල අනුවර්ථ නාමයන් එහෙමත් නැත්නම් nick names පවා හැදිල තියනව. මේ නිසා USD/SEK pair එක "dollar stockie" කියලත් USD/NEK pair එක "dollar nokie" කියලත් හඳුන්වනව. 


CEE Currencies

මේ මොකද්ද ඒ ගමන මේ කියල හිතුනද? 😂😂


CEE - Central and Easten Europe 

Central Europe , The baltics, Easten Europe සහ Southeast Europe (The balkans) කියන Areas වල තියන countries තමයි නේ CEE කියන ඛාණ්ඩයට අයිති වෙන්නෙ. 


එතකොට මොනවද මේ Central and Eastern European Countries (CEECs) ?

Albania, Bulgaria, Croatia, the Czech Republic, Hungary, Poland, Romania, the Slovak Republic, Slovenia සහ Baltic රාජ්‍යයන් තුනක් වන Estonia, Latvia සහ Lithuania.

Forex Market එක ගැන කතා කරනකොට අපි අවධානයෙන් සිටිය යුතු Currencies 4ක් මේ CEE List එකේ තියනව. 


BRIICS

මොකද්ද මේ BRIICS ? 🙃

BRIICS කියල කියන්නෙ නැගී එන National Economy එකකට හිමිකම් කියන රටවල් 6ක් හඳුන්වන්න යොදාගන්න කෙටි නමක්. එතකොට Brazil, Russia, India, Indonesia, China සහ South Africa තමයි මේ රටවල් 6. 

මුලින්ම මේක “BRIC” (BRICs) කියල තමයි Goldman Sachs විසින් නිර්මාණය කලේ. වර්ථමානයේ ඉහළ වර්ධනයක් සහිතව නැගීඑන Economies හඳුන්වන්න තමයි BRICs කියන Term එක ඔවුන් යොදාගත්තෙ. මේකට ඇතුලත් උනේ Brazil, Russia, India සහ China විතරයි. 

එතකොට BRIICS කියල කියන්නෙ කලින් කියපු රටවල් හතරට Indonesia සහ South Africa කියන රටවල් දෙකත් එකත් කරල OECD (The Organization for Economic Cooperation and Development) විසින් හොඩනගපු Term එක. 


Summary 


අදනම් පට්ට දිගයි නේද? අන්තිමට යද්දි මුල ඒව මතක නෑ වගේද? අවුලක් නෑ අපි පොඩි summary එකක් බලමු. මේ කොටස අරන් එන්න ටික දවසක් ගියෙත් මේකෙ දිග නිසාමයි. 😬😬


Forex වලදි Currency Pair එකක් කියල අපි හඳුන්වන්නෙ මොකක්ද? 

එක රටක Currency එකකට සාපේක්ෂව තවත් රටක Currency එකක් යුගලයක් ලෙස දැක්වීමට තමයි Currency Pair එකක් කියල කියන්නෙ. උදාහරණයක් විදියට EUR/USD Pair එක කියල කියන්නෙ U.S. Dollar එකට සාපේක්ෂව Euro එකේ අගය.


Major Currency Pairs කියන්නෙ මොනවද? 

Major Currency pairs (Majors) කියල කියන්නෙ වැඩිපුරම Trade වෙන සහ U.S. Dollar එක ඇතුලත් වෙලා තියන Currency Pairs. Majors 7 ක් තියනව, 

EUR/USD

USD/JPY

GBP/USD

USD/CAD

USD/CHF

AUD/USD

NZD/USD


Currency Crosses කියන්නෙ මොනවද? 

Currency Crosses එහෙම නැත්නම් Minors කියල කියන්නෙ විශාල වශයෙන් Trade වෙන, U.S. Dollars ඇතුලත් වෙලා නැති Currency Pairs වලට. උදාහණ කීපයක් ගත්තොත්, 

EUR/CHF

GBP/JPY

EUR/CAD

හඳුන්වන්න පුළුවන්. 


Currency Pairs කීයක් විතර තියනවද? 🤭 

Currency Pairs සිය ගාණක් තිබුනත් ඒ හැම එකක්ම Forex Market එකේ Trade කරන්න අවථාව ලැබෙන්නෙ නෑ. The United Nations එහෙම නැත්නම් එක්සත් ජාතීන්ගේ සංවිධානය මේ වෙනකොට Currencies 180 ක් පමණ හඳුනාගෙන තියනව. ඔයාම මේ එකින් එක Pair කරල බලන්නකො කීයක් එනවද කියල. 😱


පට්ට දිග ලිපියකින් අදට වැඩේ ඉවරයි. 

එහෙනම් ඉතින් ඊගාව ලිපියෙන් තවත් කොටසක් අරගෙන එන්නම්. එතකල් ජය වේවා....!!! 

මේව ලියන්නෙ බේබිපිප්ස් කියන වෙබ්සයිට් එකේ තියන Forex පාඩම් මාලා ඇසුරෙන්. එහෙනම් අපි ගියා....

Wednesday, February 1, 2023

 02. What is Traded in Forex? 


මොනවද මේ Forex Market එකේ Trade කරන්නෙ? 

මේ ප්‍රශ්නෙට දෙන්න තියන සරලම උත්තරේ තමයි, සල්ලි. එහෙමත් නැත්නම් එක එක රටවල් වල Currency.


Forex Market එකේදි අපි Physical දේවල් ඒ කියන්නෙ දැනෙන දේවල් එක්ක නෙමෙයිනෙ ගණුදෙනු කරන්නෙ. ඉතින් මේක පහදිලි කරගන්න එක පොඩ්ඩක් පැටලිලි සහගත වෙන්න පුළුවන්. ඒක නිසා අපි පොඩි උදාහරණයක් ගමු මේ සංසිද්ධිය පැහැදිලි කරගන්න. මේක 100%ක්ම perfect representation එකක් නොවුනත් අපිට තේරුම් ගන්න ලේසි වෙන්න තමයි මේ උදාහරණය පාවිච්චි කරන්නෙ. 

ඔයාල හැමකෙනෙක්ම වගේ Stock Market එක ගැන දන්නවනෙ. Stock Market එකේදි අපි කරන්නෙ මොකක් හරි සමාගමකින් කොටස් මිලදී ගන්න එකනෙ. අන්න ඒ විදියටම Forex Market එකේදි අපි කරන්නෙ මොකක් හරි රටකින් කොටසක්, ඒ කියන්නෙ company එකකින් share එකක් ගන්නව වගේ රටකිනුත් ගන්නෙ share එකක් කියල හිතන්නකො. 

ඒ වගේම අපි දැනගන්න ඕනෙ මොකක් හරි රටක currency එකේ price එක රඳා පවතින්නෙ Market එක ඒ currency එක අදා රටේ වර්ථමාන ආර්ථිකය සහ අනාගත ආර්ථික තත්වය ගැන දරණ අදහස මත කොයන එකත්. මෙතනදි Market එක කියන එකෙන් අදහස් කරන්නෙ Trades ලව. 


දැන් අපි යමු කරුණු කාරණා ටික සරල කරල පැහැදලි කරගන්න. 


හිතන්න ඔයා Japanese Yen එකක් ගන්නව සල්ලි දීල. දැ අපි කලින් කතා කරගත්තු විදියට ඔයා මොකද්ද මේ අරගෙන තියෙන්නෙ කියල කියන්න බලන්න. 

Forex Danna Sinhalen

අන්න හරි. 👍👍 ඔයා මේ අරන් තියෙන්නෙ ජපානයේ Economy එක කියන company එකෙන් එක කොටසක්. 

හරි දැන් ඔයා මේ ගත්තු yen එකත් ළඟ තියාගෙන ඉද්දි ජපානෙ ආර්ථිකය දවසින් දවස හොඳ පැත්තට යනව කියල හිතමුකො. දැන් ටික කාලෙකින් ඔයා මේ Yen එක ආයෙ Market එකටම විකුණුවොත් ඔයාට Profit එකක් ගන්න පුළුවන්. මොකද ඔයා Yen එක ගද්දිට වඩා දැන් ආර්ථිකය හොඳයි. ඒ කියන්නෙ Yen එකේ මිල වැඩි වෙලා. අපි what is forex කියන topic එකෙනුත් මේ ගැන කතා කරා මතක ඇති ඔයාලට. 

සරලවම කියනවනම් Currencies දෙකක් අතර Exchange rate එක කියල කියන්නෙ, එක රටකට සාපේක්ෂව අනිත් රටේ ආර්ථික ශක්තියේ ප්‍රතිබිම්බයක්. 

මෙහෙම හෙමීට ඉස්සරහට යන්කො. ඉස්සරහට මේ දේවල් ගැන වගේම තව මීට වඩා සෑහෙන්න වැදගත් දේවල් ගැන ටිකක් ගැඹුරෙන් බලමු අපි. 


Major Currencies 

මොනවද මේ Major Currencies කියල කියන්නෙ? 

Forex Danna Sinhalen

ලෝකයේ විශාලතම ආර්ථිකයන් තියන රටවල් වල currencies වලට තමයි අපි Major Currencies කියල කියන්නෙ. ඒ වගේම Forex Market එකේ වැඩිපුරම Trade වෙන්නෙත් මේ Major Currencies තමයි. 

Forex Market එකේ අපිට Trade කරන්න පුළුවන් Currencies බර ගාණක් තියන නිසා Forex Market එකට අළුතෙන් එන Beginner කෙනෙක්ටත් මුලින්ම මේ Major currencies එක්ක වැඩකරන එක තමයි නුවණට හුරු. 

මතක තියාගන්න ලේසි වෙන්න සහ අපේ පහසුවට අපි Major Currencies 8 ක් තියනව කියල ගමු. ( මේ අටත් තව කොටස් දෙකකට බෙදන්න පුළුවන් උනත් ඒක ඒතරම් වැදගත් දෙයක් නෙමෙයි. )

පහලින් ඔයාලට බලාගන්න පුළුවන් Majors ගැන පොඩි විස්තරයක් වගේම එයාලට කියන nick names ටිකත්. 😉


Forex Danna Sinhalen


ඔයාල දකින්න ඇති මේ හැම currency එකක්ම හඳුන්වන්න අකුරු තුනක් පාවිච්චි කරනව. මොකද්ද මේ අකුරු තුන? ඇයි අකුරු තුනක්ම ගන්නෙ? 🤔

International Organization for Standardization (ISO) කියන තත්ව පරිපාලන ආයතනය විසින් තමයි 1973දි අපි මේ දැනට භාවිතා කරන Currency නාමකරණය හඳුන්වල දුන්නෙ. මේ ක්‍රමය හඳුන්වන්නෙ ISO 4217 Currency Code කියන නමින්. 


දැන් බලමු මොනවද මේ අකුරු කියල. 

Currency එකක් නාමකරණයට පාවිච්චි කරන මුල් අකුරු දෙකෙන් කියවෙන්නෙ ඒ currency එක අයිති රට. 

NZD කියන Currency එක ගමුකො අපි උදාහරණයක් විදියට පොඩ්ඩක් පැහැදිලි වෙන්නෙ. මේකෙ මුල් අකුරු දෙකෙන්, ඒ කියන්නෙ NZ කියන එකෙන් කියවෙන්නෙ Currency එක අයත් වෙන රට. NZ කියන්නෙ Newzelend කියල අපි හැමෝම දන්නවනෙ. 

එතකොට මොකද්ද අන්තිම අකුර? ඒක තමයි Currency එකට අදාල අකුර. Newzelend වල පාවිච්චි කරන Currency එක තමයි Dollar. ඉතින් ඒක represent වෙන්න අන්තිම අකුර විදියට ගන්නෙ D. 

එතකොට Newzelend වල Currency Code එක වෙන්නෙ NZD එහෙමත් නැත්නම් Newzelend Dollar. 

Forex Danna Sinhalen


හරිම සරලයි නේද? 

එහෙනම් ඉතින් ඊගාව ලිපියෙන් තවත් කොටසක් අරගෙන එන්නම්. එතකල් ජය වේවා....!!! 

මේව ලියන්නෙ බේබිපිප්ස් කියන වෙබ්සයිට් එකේ තියන Forex පාඩම් මාලා ඇසුරෙන්. එහෙනම් අපි ගියා...

Join our Facebook Page & the Group,

Facebook Page - https://www.facebook.com/dannasinhalenforex

Facebook Group - https://www.facebook.com/groups/1154387445241124/

 01. ii) What is Forex?


අපි සරලව Forex එහෙම නැත්නම් FX Market එක කියල කතා කරද්දි පාවිච්චි කරාට මේකෙ හරිම නම තමයි Foreign Exchange Market කියන එක.

Forex Market එක කියල කියන්නෙ ලෝකයේ තියන එක එක ජාතියෙ currencies හුවමාරුවෙන ගෝලීය සහ විමධ්‍යගත (Global & Desensitized) වෙළඳපොළක්. Currencies වල Exchange Rates ඉතා වේගයෙන් ක්ෂණිකව වෙනස් වෙන නිසා Forex Market එක නිරන්තරයෙන්ම ගලාගෙන යන එහෙම නැත්නම් හැමවෙලේම active තත්වයේ තියන Market එකක්. 

ලෝකයේ සිදුවෙන Currency Transactions ගත්තහම ඒකෙන් ඉතාම කුඩා Transaction ප්‍රමානයක් තමයි Real Economy එක ඇතුළෙ වෙන්නෙ. උදාහරණයක් විදියට ගන්න පුළුවන් අපි කලින් ලිපියෙන් අරගෙන ආපු Airport එකක් ඇතුලෙ සිදු උන මුදල් හුවමාරුව. ඒ වගේම ජාත්‍යන්තර වෙළඳාම හේතුවෙන් වෙන Transaction ප්‍රමානයත් අයිති වෙන්නෙ මම උඩ කියපු ඉතා කුඩා Real Economic currency transactions ඛාණ්ඩයටම තමයි. 

එතකොට ඉතුරු Currency Transactions ටික වෙන්නෙ කොහොමද? 🤔

Global Foreign Exchange Market එකේ මේ ඉතුරු Currency Transactions ඔක්කොම වගේ සිද්ධ වෙන්නෙ speculative reasons මත සිද්ධ වෙන buy හෝ sell මගින්. Speculative reasons කියන එක තවත් පොඩ්ඩක් පැහැදිලි කරනවනම් අනුමානයන් මට සිදුවන buy හෝ sell මගින් කියලත් කියන්න පුළුවන්. 

Currency Traders ල එහෙමත් නැත්නම් මේ ගොල්ලන්ට currency speculators ල කියලත් කියනව. මේ ගොල්ලො currencies මිලදී ගන්නෙ අනාගතයේදී ඔවුන් මිලට ගත්තු currencies වල මිල වැඩි වෙලා ඒ මගින් යම් ලාභයක් උපයාගන්න පුළුවන් කියන හැඟීමෙන්. 

New York Stock Exchange  එක ගැන කවුරුත් අහල තියනවනෙ. එහෙම නේද? ඉතින් මේ NYSE (New York Stock Exchange) එක ගත්තම එක දවසක trading volume එක $200 billion වගේ අති විශාල ප්‍රමාණයක්. ඒ වගේම NYSE එක තමයි ලෝකෙ තියන දැවැන්තම stock market එක. හිතන්නකො NYSE එක රාස්සයෙක් කියල 😉😉

බලමුද අපි NYSE රාක්ෂය මොන වගේද කියල? මේ පහලින් ඉන්නෙ එයා තමයි.





කොහොමද size එක? දැවැන්තයෙක් නේද? 😀😀

ඔයා bloomberg , BBC , CNBC වගේ News බලන කෙනෙක්නම් ඔයාට ඕනෙ තරම් ඇහිල ඇති "අද NYSE එක Up වෙලා තියෙන්නෙ, කාලෙකට පස්සෙ වාර්ථාුන හොඳම දර්ශකය වාර්ථා වෙලා තියෙන්නෙ" වගේ දේවල්. 

සමහර විට ඔයාල අහල ඇති ලංකාව ඇතුළෙ පවා ගොඩක් අය Investments ගැන Financial Markets ගැන කතා කරද්දි වැඩිපුරම වගේ (99.99%ක්ම) වගේ කතා කරන්නෙ Colombo stock market එක ගැන. ඒ වගේ තමා ජාත්‍යන්තරෙයෙ මිනිස්සු වැඩිපුරම කතා වෙන්නෙ ලෝකෙ තියන ලොකුම Stock Market එක උන NYSE එක ගැන. 

දැන් ඉතින් නිකමට වගේ මේ රාක්ෂයව Foreign Exchange Market එක කියන රාක්ෂයත් එක්ක සසඳල බලමුද? ඔන්න යටින් ඉන්නව දෙන්නම එකට.


දෙන්නගෙ size දෙක දැකපු ගමන්ම ඔයාලට තේරෙනව ඇතිනෙ වෙනස. NYSE රාස්සය නිකන් පූසෙක් ගාණට වැටුන නේද Forex රාස්සය එක්ක ඉද්දි. දැනගන්නත් එක්ක Forex Market එකේ Day Trading Volume එක කියන්නද? 

$ 6.6 Trillion 

ට්‍රිලියන 6.6 ක්? වැරදුණාවත්ද? 😱😱 ඔව් ඔව් බිලියන නෙමෙයි ට්‍රිලියන තමයි. වැරදුනේ නෑ. 

දැන් පොඩ්ඩක් බලමුද අපි දන්න කියල ප්‍රසිද්ධ Stock Exchanges ටිකක Daily Trading Volume එක Forex Exchange Market එකේ Daily Trading Volume එකත් එක්ක Compare කරල. 

Graph එක බලපු ගමන්ම පේනව නේද Stock Market වල Trading Volume එක වගේ 200 ගුණයක් විතර Forex Exchange Market එකේ Trading Volume එක වැඩියි කියල. මේ $6.6 Trillion තරම් ලොකු Trading Volume එක අයිති වෙන්නෙ සම්පූර්ණ Global Foreign Exchange Market එකටමයි. මේ සම්පූර්ණ Market එකෙන් පොඩි කොටසක් තමයි අපි Spot Market එක කියල හඳුන්වන්නෙ. බොහොමයක් Forex Traders ල ගණුදෙනු කරන්න Daily Trading Volume එක $2 Trillion වගේ වෙන මේ Spot Market එකත් එක්ක. 

එතකොට අපි වගේ අය කවුද? අපි එකතුවෙලා කොයිතරම් Trading Volume එකක් හදනවද කියන ප්‍රශ්නෙ ඔයාලට ඇති. 

මේ Market එකේ අපි වගේ අයට එහෙමත් නැත්නම් කුඩා ප්‍රමාණයේ මූල්‍ය ශක්තියක් සහිත Traders ලව හඳුන්වන්නෙ Retail Traders ල කියල. එතකොට Retail Traders ලගෙ Trading Volume එක ගොඩක් පොඩි අගයක් තමයි වෙන්නෙ. නිශ්චිතවම මෙන්න මේ වගේ ගාණක් කියල හරිම අගයක් දෙන්න බැරි උනත් සාමාන්‍යයෙන් Daily Retail Trading Volume එක Overall Forex Daily Trading Volume එකෙන් 3% ත් 5ත් අතර අගයක් වගේ කියල තමයි කියන්නෙ. එහෙමත් නැත්නම් දළ වශයෙන් $200 - $300 billion හෝ ඊට අඩුයි. 

සංඛ්‍යාලේඛන වලින් මොන විදියෙ දත්ත ඉදිරිපත් කරත් Forex Market එක ඩොලර් ට්‍රිලියන 6.6 ක්ම විශාලයි කියලම විශ්වාස කරන්න අමාරුයි. Trading Volume එක ඒ තරම්ම අති විශාල සංඛ්‍යාවක් කියන එක සිත් ඇදගන්නා කාරණයක් උනත් අතිශෝක්තියක් වෙන්නත් ඉඩ තියනව. ඒක නිසා පොඩ්ඩක් realistic වෙලා අපි අපේ Forex රාක්ෂයව පොඩ්ඩක් මේ විදියට Re-arrange කරමු. 😉😉


Forex Market එක ගැන කතා කරනකොට Trading Volume එක වගේම කතා නොකරම බැරි තවත් දෙයක් තියනව. ඒ තමයි මේ Market එක දවසෙ පැය 24ම Open. ඒ වගේම සතියෙ දවස් 5ම අපිට Forex Market එකේ Trade කරන්න පුළුවන්. Stock Markets වගේ දවස අවසානෙ Market Close කරන්නෙ නෑ වගේම Trades Limit කරන්නෙත් නෑ. 

Forex Market එක Desensitized Market එකක් නිසා දවස අවසානයේ වහල දානව වෙනුවට ලෝකයේ එක එක තැන්වල තියන Financial Centers වලින් Trading කරන එක පැය 24 පුරාම Continue කරනව. 

Forex Market එකේ දවස පටන්ගන්නෙ Auckland/Wellington වලින්. ඊටපස්සෙ පිළිවෙලට Sydney , Singapore ,Hong Kong, Tokyo , Frankfurt , London වෙනකන් යනව. London වලින් දවස අවසාන වෙන්න කලින් ආයෙත් New Zeeland වලින් Trading Session එක පටන් ගන්නව. මේ විදියට සතියෙ දවස් 5ම එක එක Trading Session වලින් මේ Market එක ඇදගෙන යනව. 


ඔන්න ඕකයි අද කතාව. ඊගාව ලිපියෙන් තවත් කොටසක් අරගෙන එන්නම්. එතකල් ජය වේවා....!!! 


මේව ලියන්නෙ බේබිපිප්ස් කියන වෙබ්සයිට් එකේ තියන Forex පාඩම් මාලා ඇසුරෙන්. එහෙනම් අපි ගියා....


Join our Facebook Page & the Group,

Facebook Page - https://www.facebook.com/dannasinhalenforex

Facebook Group - https://www.facebook.com/groups/1154387445241124/

Tuesday, January 31, 2023

What is Forex?

 01. i ) What is Forex?


Photo by <a href="https://unsplash.com/@mayofi?utm_source=unsplash&utm_medium=referral&utm_content=creditCopyText">Joshua Mayo</a> on <a href="https://unsplash.com/s/photos/forex?utm_source=unsplash&utm_medium=referral&utm_content=creditCopyText">Unsplash</a>


සරලවම කියනවනම් Forex කියල කියන්නෙ ගෝලීය මූල්ය වෙළඳපොළක්. සිංහල වචන හැම එකටම දාන්න ගියාමත් කියන සිංහල තේරෙන්නෙත් නැතුව යන නිසා අපි මේක මෙහෙම බලමු. 🤭
Forex කියල කියන්නෙ කියන්නෙ Global Financial Market එකක්. දැන් තේරෙනවනෙ කාටත්. මේ Market එකේ අපි වගේ ඕනෙම කෙනෙක්ට විවිධ රටවල currencies වල trade කරන්න අවස්ථාව සලසල දෙනව.
හිතන්නකො ඔයාට හිතෙනව USD එකට වඩා EUR එක strong වෙනව වගේ කියල. ඔයා මේක නිකමට වගේ trade එකක් විදියට දාල ඔයා හිතපු දේ හරිගියොත් සල්ලි තමයි ඉතින්. (මෙහෙම හරි ලේසියෙන් කිව්වට trade කරන එක මෙච්චර ලේසි නෑ හොඳේ 😬😬)

එහෙම කොහොමද මට ඒක guess කරහම සල්ලි ලැබෙන්නෙ කියල හිතුන නේද?
දැන් පොඩ්ඩක් සරලව බලමු එහෙනම් මොකද්ද ඇත්තටම මේක අස්සෙ වෙන සීන්කෝන් එක කියල.

ඒ කතාව අපි මෙහෙම පටන්ගමු. හිතන්න ඔයා කොහේ හරි රටකට ට්රිප් එකක් යන්න හදන්නෙ. හිතන්නකො සිංගප්පූරුවට ගියා කියල. ඉතින් මෙහෙම ගියාම ඔයා සල්ලි විදියට අරන් යන්නෙ මොනවද? රුපියල්නෙ (LKR) ( රුපියල් කියන එක currency එක Forex Market එකේ Trade වෙන්නෙ නෑ තමයි. මම මේ උදාහරණයක් විදියට ගත්තෙ) ඔන්න දැන් ඔයා රුපියල් අරං ගිහිල්ල Airport එක් වටේ බලල හොයාගන්නව Currency Exchange කරන පොට් එකක්. ඊටපස්සෙ එතනට ගිහිල්ල ඔයා අතේ තියන රුපියල් දීල ඒ ගාණට හරියන්න SGD ඉල්ලගන්නව. ඔයාට කැමති ගාණක් ඉල්ල ගන්න බෑ ඉතින්, එතන් ගහල තියනව Exchange Rate එක කියල එකක්. ඒකට අනුව තමයි ඔයාට ලැබෙන SGD ගාණ තීටණය වෙන්නෙ.

හිතන්නකො ඔය රුපියල් 100000ක් දුන්නම ඔයාට 1000 SGD හම්බ උනා කියල. එතකොට Exchange rate එක කීයක්ද වෙලා තියෙන්නෙ?

Exchange Rate = 100000/1000 = 100

ඒ කියන්නෙ ඔයාට 1 SGD ඕනෙනම් ඔයා රුපියල් වලින් 100ක් දෙන්න ඕනෙ. ඒ කොයන්නෙ LKR to SGD Exchange rate එක 100යි.

එතකොට ඔයාලට පේනව නේද Exchange Rate එක කියන්නෙ රටවල් දෙකක Currency වල සාපේක්ෂ මුදලක් (Relative price) එකක් කිය්ණ් එක? ඒ කියන්නෙ ඒ ඒ රටවල් වල ආර්ථික තත්වය සහ අනෙකුත් සාධක මත මේ Exchange Rate එක අඩු හෝ වැඩි වෙන්න පුළුවන්.

ඔයා මේ විදියට ඔයා ළඟ තිබ්බ Currency එක වෙනත් Currency එකකට හුවමාරු කරගත්ත කියල කියනෙ ඔයා නොදැනුවත්වම ඔයා Forex Market එකත් එක්ක සම්බන්ද උනා කියන එක තමයි. ඒකම Forex Terms වලින් කියනවනම් ඔයා LKR විකුණල SGD මිලට අරගෙන තියනව.

හරි දැන් Forex Market එකටත් දන්නෙ නැතුවම සම්බන්ද වෙලා සල්ලි ටික SGD වලට මාරු කරගෙන ඔයා ආපු වැඩෙත් කරගෙන ඔන්න දැන් ආයෙ ලංකාවට එන්න හදන්නෙ. දැන් ඉතින් ලංකාවට එද්දි SGD අරන් ඇවිල්ල වැඩක් තියනවද? නෑනෙ. ඉතින් කලින් වගේම Currency Exchange එකකින් ඔයා අතේ ඉතුරු වෙලා තියන SGD ටික LKR වලට Exchange කරගන්න ඕනෙ දැන්.

ඔයා අතේ 400 SGD ඉතුරු වෙලා තියනව දැන්. ඒක දුන්නම ඔයාට හම්බෙනව රුපියල් 60000ක්. ඈහ්? මූට ගාණ වරදිලාවත්ද කියල කල්පනා කරල නිකමට Exchange Rate එක බලද්දි මෙන්න බොලේ LKR to SGD Exchange Rate එක 150ක් වෙලා. වැඩේ ලාභයි නේද? 600 SGD ම වියදම් කරලත් ලංකාවෙ සල්ලි වලින් ඔයාට වියදම් වෙලා තියෙන්නෙ 40000යි. 60000ක්ම ආයෙ ලැබුණ.

ඔන්න ඔය විදියට තමයි Forex Market එකෙන් අපිට Profit හම්බවෙන්නෙ. බැරිවෙලාවත් Exchange rate එක 80ට වගේ අඩු වෙලා තිබුණනම් මොකද වෙන්නෙ? එහෙනම් ඉතින් Profit නෑ. Loss තමයි.

මේ ලිපියෙන් අරගෙන ආවෙ FOREX ගැන පොඩි සරල හැඳිවීමක්. What is Forex කියන එකට පොඩ්ඩක් Technical උත්තරයක් ඊගාව ලිපියෙන් අරන් එන්නම්. එතකල් ජය වේවා....!!!

මේව ලියන්නෙ බේබිපිප්ස් කියන වෙබ්සයිට් එකේ තියන Forex පාඩම් මාලා ඇසුරෙන්. එහෙනම් අපි ගියා....

Join our Facebook Page & the Group,

Facebook Page - https://www.facebook.com/dannasinhalenforex

Facebook Group - https://www.facebook.com/groups/1154387445241124/



05. How to Trade Forex Forex Market එක කියන්නෙ මොකද්ද? Forex Market එක කොයිතරම් විශාලයිද? Currencies වර්ග මොනවද? වගේ දේවල් ටිකක් ඉයාල කලින් ...